ශ්රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලෝකයට ආදර්ශයක් යැයිද එය රැක ගැනීමට ඕනෑම කැප කිරීමක් කරන්නේ යැයිද ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික තරුණියක වන මේනහා කන්දසාමි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ උද්ඝෝෂණයකදී පැවසුවාය. ඕස්ටේ‍්‍රලියා රජය අධ්‍යපන හා වෘත්තීය පුහුණු ආයතන වලට ලබාදෙන පහසුකම්
කප්පාදු කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි.
ලංකා වතු කම්කරුවන්ගේ (රතු කොඩි) කාන්තා පෙරමුණේ සභාපතිනිය වන ඈ පැවසූයේ ශ‍්‍රී ලංකා රජය වතුකරයේ පාසල් නගාසිටුවීමට ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන නිසිලෙස වතුකරයේ ප‍්‍රධානීන් ඊට යොදවන්නේ නැති බවත්, ඕස්ටේ‍්‍රලියා රජයටද අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන නගාසිටුවීමට පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැති බවත්ය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිනා යනවා
කෑ කෝ ගහනවට සල්ලි හම්බ වෙනවද ? (ස)
බයිල තමයි. (අ)
මට මොකවත් ඇහෙන්නේ නැහැ
සුභපැතුම්
මේ වගේ අධ්‍යාපනයක් ලෝකේ කොහෙවත් නැහැ
කන්දසාමි මෙනෙවියට ස්තූතියි, අපේ රටේ අගය පිටරැටියන්ට පැහැදිලි කළාට. (නි)
දෙමළ දරු දැරියන් වෙනුවෙන් පමණද උනන්දු වෙන්නේ? (නි)
නිදහස් අධ්‍යාපනයෙන් උගත් හුගක් අය මේ වගේ කතාකරනවා. (නි)
වෙන්න පුළුවන්.... ඉස්සරද
නිදහස් අධ්‍යාපනයට ජය වේවා..!(නු)
නිදහස් අධ්‍යාපනය (Free education ) කියන්නේ මිත්‍යාවක්. ඕකට රටේ මුළු ජනතාවම කරගහනවා නේ. දැන් තියෙන විදිහට ඉගෙනීමක් ඕනේ කියල හිතන, එපා කියල හිතන හැමෝම ඉගන ගන්නවා. සමහරු ඉගන ගත්තකියල ඇත්තටම රටට හෝ තමාට ප්‍රයෝජනයක් නැහැ. ඇත්තටම තිබියයුත්තේ ඕනේ කමක් තියෙන අයට පමණක් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක්. එහෙම ඉගෙනගන්න අයත් යම් කැපකිරීමක් කරන්න ඕනේ - ඉගෙනගන්න කාලයේම නොවුනත් ඉන් පසුව හෝ. (ස)
අපි කන හැටි අපි දනී කිවුවලු. මාසෙකට ළමයින්ගේ පන්ති වලට යන වියදම දන්නේ අපිනේ. (නි)
අපි දේශපාලන හේතූන් මත රජයට බණිනවා තමයි. ඒත් මගේ රත්තරන් රටට අපහාස කරන්න එපා. මොනවද මෙයා මේ කියන කතා? (නි)
සන්තෝසයි
බුරුතු පිටින් ඕස්ට්‍රේලියාවේ සුද්දන් දැන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට එන්නේ ඕක නිසානේ. (නි)
දහම් පාසල් අරින්න වෙයිද? (නි)
ද්විත්ව පුරවැසිකමට වටිනාකමක් එක්කරගන්න දරන උත්සාහයක්වද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වකුකරයෙන් ඡන්දය ඉල්ලනවත් බලාපොරොත්තුවක් තියෙනවද මන්දා? (නි)
ලංකානේ නිදහස් අධ්‍යාපනයේ රඟ ළමයෙක් පාසලකට දමන්න ගියහම, විභාගයක් කරන්න ගියහම, විශ්ව විද්‍යාලයකට ගියහම අපිට පෙනෙනවා. (නි)
මොනවා වුණත් මේ නැගණියගේ වැඩේ හරි. කතාව ඇත්ත. (නි)
කන්දසාමිලා කොන්ද කඩාගන්නමද මන්දා හදන්නේ? (නි)
මේ කතාව සම්පුර්ණ ඇත්ත. මොන රටේද විභාගේ පාස්වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් බලාගෙන ඉන්න ඕනෑ, විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඒකටත් නඩු කියලා සෑහෙන්න කරදර වෙලා. මේක මුළු ලෝකෙටම ආදර්ශයක් නොවේද? (නි)
කාඩ් බෝඩ් වීරයෝ (ස)
අනිත් රටවල් ගැන මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඕස්ට්ට්‍රේලියවෙ නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ගෙවිය යුතුයි. එය ණයක් ලෙස ලබා ගෙන පසුව රැකියාවක් කිරීමේදී ගෙවිය හැකියි. ලංකාවේ, පාසලේ සිට විශ්ව විද්‍යාලය අවසන් වන තුරුම නොමිලේ අධ්‍යපනය ලැබිය හැක. (නි)
අපගේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපේ යුතුකමයි. (නි)
ලංකාවේ, පාසලේ සිට විශ්ව විද්‍යාලය අවසන් වන තුරුම නොමිලේ අධ්‍යාපනය ලැබිය හැක. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිකම් දීම තමයි හෙණේ වෙලා තියන්නේ. (නි)
ඇත්තටම කියනවා නම් නිදහස් අධ්‍යාපනය ගැන, ලංකාවේ තියෙන ටියුෂන් කඩ ටික වැහුවානම් බලාගන්න පුලුවන්. (නි)
ඇගේ කතාව ඇත්ත. අපේ රටේ අධ්‍යාපනයේ අගය දැනෙන්න නම් පිටරටකට යන්නම ඕනෑ. (නි)
අනේ අනේ මෙහෙමත් කතා? ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබාගෙන පිටරටට වෙලා ඉන්නේ රටට තියෙන ආරදය හින්දද? (නි)
රටින් පිට ගියාම තමයි ලංකාවෙ අගේ තේරෙන්නේ.. (නු)
මේ කතා සියල්ල ඇත්ත වුණත් කිසිවක් හරියට නොකෙරෙන එකයි තියෙන ප්‍රශ්නය. (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන පිටරට ඉන්න එක ප්‍රශ්නයක් නොවෙයි. මේ අය බොහොම දෙනෙක් ලංකාවට සල්ලි (විදේශ විනිමය) එවනවා. ලංකාවට නිවාඩුවට එනවා. රටට බරක් නොවී ඉන්න එක නරක නැද්ද? මේ හැම දෙයක්ම රටට හොඳ දේවල්. ඒත් නිදහස් අධ්‍යාපනය ලබාගෙන රටේ ඉඳගෙන රට විනාශ කරන එක ඊට වඩා ලොකු වරදක් නොවේද? (ස)
ආදර්ශය බලාගන්න තිබුණා පෙරෙයිදා අපේ රටට ආවානම්... (නි)
මමනම් කියන්නේ කන්නන්ගර මහත්තයා ඇතිකරපු දේ ඉදිරියටත් රැකගත යුතුමයි කියලා (ස)
හොද හඩක්..!(නු)
ඒ කතාවනම් ඇත්ත
මෙයාලා බොරුවට කෑ ගහනවා.. මුළු ලෝකෙම තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අපේ ලංකාවෙ නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද?(නු)
ඉස්සරනම් එහෙමයි
ඒ කතාවනම් සහතික ඇත්ත වෙන නැත්නම්
සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් නිදහස් අධ්‍යාපනය ඉතා වටිනවා (අ)
මට නිකන් පිස්සු වගේ
ලංකාවේ අධ්‍යාපනය ලොවටම විහිළුවක් වේගෙන යන පාටයි (ස)