මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්‍ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි.
මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය.
කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුොපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ පෞද්ගලිත රෝහලට ඇතුලත් කර ඇත.
දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්‍ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු කරදරයක් නැතුව යානය ගොඩබාපු එකම ඇති, මම වසර 32 සෞදි අරාබියේ සේවය කරනවා හැම අවරුදුදේම 3 වරක් හෝ 4 වරක් ලංකාවට යනවා ලෝකයේ ගොඩක් ගුවන් යනවල ගමන් කරලා තියනවා නමුත් ශ්‍රී ලංකන් ගුවන්සේවාව සමග සම කරන්න බැහැ.(ම)
රුවිනි, මමත් අවුරුදු 16ක් පුරා යුරෝපය, මැද පෙරදිග, ආසියාව, ඕස්ට්‍රේලියාව ආදී තැන්වල විවිද ගුවන් සේවාවල ගමන් කරලා තියෙනවා. ශ්‍රී ලන්කන් තමයි මගීන්ට සැලකීම අතින් අන්තිම. හොඳ බ්‍රිටිෂ් එයාවේස් සහ කොන්ටාස්. දැන් ශ්‍රී ලන්කන් එකේ ටිකට් එකක් ගන්නේ සම්බන්ධවෙන්න වෙන එකක් නැත්නම් පමණයි. (නදී)
අපේ ගුවන් සේවාව ආරම්භයේදී තිබු උසස් සේවාව අද දක්නට නැහැ.රකිත වික්‍රමනායක එය අකුරටම උසස් සේවාවක් සිදුකළා.දේශපාලනීය සේවාවක් බවට පත් වීමත් සමඟ අද ඉතා පිරිහුණ තත්වක මෙම ගුවන් සේවාව පවත්වා ගෙන යන බව පක්ෂ බේදයකින් තොරව අපි පිලිගතයුතුයි.(ම) .
මෙතන තිබෙන්නේ කාලගුණයේ ප්‍රශ්නයක් මිස ගුවන් සේවිකාවන්ගේ ප්‍රශ්නයක් නොවේ, සාමාන්යෙන් මෙවැනි පුවතක් දැක්ක ගමන් කණගාටුව ප්‍රකාශ කිරීමක් හෝ ඉක්මනින් නිරෝගී සුවය ප්‍රර්ථනා කිරීම තමා සාමාන්‍යයෙන් කරන්න ඕනේ. නමුත් මෙම ගුවන්සේවිකවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පාඨකයෝ කොපමණ කලකිරීමකට සහ කෙන්තියකට පත්වෙලා ඉන්නවද කියල දමපු අදහස් වලින් හොඳට පෙනෙනවා. (ර)
ශ්රී ලංකන් එක පහුගිය කාලයේ සෑම වසරකම පාඩු ලැබුවා. මේ ගුවන් සේවිකා ප්‍රශ්නය නිසා ශ්‍රී ලාංකිකයන් මෙහි ගමන් කිරීමට මැලිකමක් දැක්වීම මේ පාඩුවට එක හේතුවක් වෙන්න පුළුවන්. අරාබි ගුවන් සේවා කරනවා වගේ ගුවන් සේවිකාවන්ගෙන් කොටසක් විදේශීය ගුවන් සේවිකාවන් පත් කර බැලුවොත් නරකද ? බලධාරීන් මේ ප්‍රශ්නය ගැන සොයා බැලීමට කාලය පැමිණ ඇත (නදී)
ලසිත්, සේනක ප්‍රකාශ කරන දේ ඇත්ත. (ර)
මෙවැනි වායු අවපාත තත්වයකදී ගුවන් යානය කිලෝමීටර ගණනක් එක විට පහළට වැටෙනවා , මගීන්ට අාසන පටි පැලද සිටින නිසා මොකුත් දන්නේනේ නැහැ , නමුත් මෙහි සේවය කරන කාර්ය මණ්ඩලයට මෙය ඉතා අනතුරු දායක තත්වයක් , ඔවුන් තුවලවෙලා තිබෙන්නේ තමන්ගේ සේවය ඉටු කරන්නට යාමේදී , මෙවැනි අයහපත් කාලගුණයක් ඉදිරියේ තිබෙනබව ගුවන් නියමුවන්ට කල්තබා කාලගුණික රේඩාර් පද්ධතිය මගින් දැනගත හැක , මට පෙනෙන්නේ ඔවුන් නිසි වෙලාවට අනතුරු අඟවල නැහැ වගේ , වාද භේද අමතක කර තුවාල ලබා සිටින සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රර්ථනා කරමු (බ)
කරදරයක් නැත්නම් එච්චරයි... (නි)
වායු පීඩන වෙනස්කම් නිසා මෙවැනි දේවල් ඇතිවෙනවා.ගුවන් කාර්ය මණ්ඩල මෙවැනි අවස්ථා සඳහා පුහුණු කර තිබෙනවා, ඔවුන්ගේ, මඟීන්ගේ සහ භාණ්ඩ වල ආරක්ෂාව සඳහා. (නි)
ලංකාවේ ගුවන් සේවිකාවෝ ටිකක් ආඩම්බර තමා. අපේ හුඟක් අය ගුවන් යානයට නැග්ගහම හැසිරෙන්නේ පිස්සො වගේ. ගොඩේකම පෙන්වනවා. ටිකක් හරි හොඳින් හිටියොත් පිස්සු නටනවා (නි)
ගුවන් සේවිකාවන් අවපාතයට අහුවුණ එක අහන්න දෙයක්ද? ඒගොල්ලන් යන්නේ යානාවටත් අඩි 20 ක් උඩින්නේ. ලංකාවේ ගුවන් මඟීන් දැක්කහම මුහුණ ඇඹුල් වෙනවා. ලංකාවේ උදවිය හරියට පිනට මේ යානා වල යනවා කියාද කොහෙද මේ කාන්තාවන් කොට්ඨාශය හිතන්නේ. ලංකාවේ ගුවන් මඟීන් සම්බන්ධයෙන් පාරිභෝගික සේවයේ ගුණාත්මකභාවය නම් අන්තිමයි. (නි)
ලසිත්, ඔය කොච්චර ගුව්න ගමන් කරලා තියෙනවද? මම ලෝකේ වටේ ගුවන් සේවා 8 කට වඩා පාවිච්චි කරලා තියෙනවා. ශ්‍රී ලංකන් තරම් වත් අනිත් ගුවන් සේවාවල් මගීන් ගණන් ගන්නේ නැහැ (නදී)
ශ්රී ලංකන් ගුවන්සේවා කාර්‍ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි. අවරුදු අටක් යනවා එනව. අපේ අය වගකීමෙන් වැඩ කරන පිරිසක්. (ස)
රුවිනි ඔයා එක්කෝ ගුවන් සේවිකාවක් . නැතිනම් ලංකාවේ දේශපාලකයෙකුගේ වරප්‍රසාද ලත් ඥාතියෙක්. බහුතරයක් ලංකාවේ ගුවන් මගින් වෙනත් ගුවන් සේවා වල කියක් හරි වැඩියෙන් දීල හරි යන්නේ මේ උඩඟු ගුවන් සේවිකාවන්ගේ කුඩම්මාගේ සැලකිල්ල නිසා කියල ඔයා දැන්වත් දැනගන්න . (ස)
අපේ ඇන්ටිලා ටිකක් ඔලුවෙන් තමයි ඉන්නේ!! හැබැයි ඉතාමත් හොඳ ගමේ කෙල්ලොත් ඉන්නවා (නි)
ලසිත් / සේනක, ඔබලා සත්‍ය විකෘති කරනවා. රුවිනි සහ අනු කියන දේ නිවරදියි. මමත් අවුරුදු 15ක් ම ගුවන් ගමන් කරන කෙනෙක්. නොයෙක් ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා වල ගිහින් තියනවා. ශ්‍රී ලංකන් ඒවා අතර ඉහලම තැනක තියනවා. මගීන්ට සලකන විදිහ හරිම ඉහලයි. කරදර කාරී මගීන්ට නම් තදින් ඉන්න බව ඕන තරම් දැක තියනවා.(නදී)
බර්ලින් වල සිල්වා මහතා මෙතන ලියන අදහස් බොහෝ දෙනෙකුට මහඟු ආදර්ශයක්.අනක් ගුණක් නැතුව අදහස් ලියනවාට වඩා මිනිස්කම තුළ රැඳී සිටිමින් ඉතාමත් සරල අන්දමට මෙය පහදාදුන් සිල්වා මහතාණනි, ඔබට නිරෝගී සුව! (නි)
සේනක හරි මම අවරුදු 14ක් යනවා එනවා ශ්‍රී ලංකන් ගුවන්සේවාව අන්තිමයි. මමත් වෙනත් ගුවන් සේවා වල කියක් හරි වැඩියෙන් දීල යන්නේ (නදී)
ගුවන් කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කරන්නේ නැතුව එතනත් වැරදීම හොයනවා. (ම)
ගුවන් සේවිකාවෝ මුණ එල්ලගෙන ඉන්නේ ලංකාවේ අයටයි. මේක වෙනස් කරන්න (නදී)
මමත් ශ්‍රී ලංකන් යානයක ගියේ එකවරයි. ආයේ නම් යන්නේ නැහැ කවදාවත්ම. ඒ අයගේ හරි ගෙම්බර අපිට. (නදී)