ශ්රී ලංකන් ගුවන් සමාගම කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ මුල්‍ය අලාභ ඇති අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දමන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇති බවයි.
ෆ්ලයි ඩුබායි, රොටානා ජෙට් සහ මිහින් ලංකා යන ගුවන් සමාගම් තවම එවැනි තීරණයකට එළඹ නැති බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් දැන් එතකොට කියන්න බලන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමහර උසස් තනතුරු ලාභීන්ට අදාළ තනතුරු දරන්න තිබෙන සුසුදුකම්. උසස් පෙලවත් නැහැ. චන්ද්‍රිකා ගේ කාලයේ ඔහොම පත් වීම් දුන්නද ? ඕස්ට්‍රේලියාවේ විදියට ලංකාවේ ගුවන් ගමන් පටන් ගන්න ගියොත් හොඳට හිටීවි. ක්වොන්ටාස් සමාගමේ බරපතල ප්‍රශ්න තිබෙන බව අපි මෙහෙ ඉඳන් දන්නවා. ඉදිරියේදී සේවකයන් විශාල සංඛ්‍යාවක් අයින් කරන්න යන බවත් දන්නවා. ලංකාවේ ඉන්නේ ගොන් මැට්ටෝ නෙවෙයි. (නදී)
දිනේෂ් ඔය කියන දේවල් කටින්ද කියන්නේ. චන්ද්‍රිකාගේ කාලයේ සංචාරක කාන්තාවන් දුෂණය කරමින් සංචාරකයන් මරා දැම්මද ? අඩු උගත් කම් ඇති කිසිම සුදුසු කමක් නැති නෑදෑයන් ගුවන් සේවා වල පරිපාලනයට පත් වුනාද ? තව ටික කලක් ගියා නම් කටුනායකත් වහන්න තමයි වෙන්නේ. (නදී)
කටුනායකට එන හැම ගුවන් යානයකම අමතර ඉන්දන 5000 ලීටර් අරන් එන්න ඕනා. ඒ කටුනායකට ගුවන් යානය බස්සවන්න අවහිරයක් උනොත් ඉන්දියාවට යන්න. දැන් ලංකාවේ මත්තල තියෙන නිසා එම ඉන්දන බර වෙනුවට කාර්ගෝ බර පටවන්න පුළුවන්. ඉන් ඉතුරුවන මුදල එක් ගුවන් ගමනකදී ඇමරිකානු ඩොලර් 10000 කටත් වැඩියි. (නදී)
ඕස්ට්‍රේලියාවේ විදියට මෙහෙ ගුවන් සේවාව පවතන්න පුළුවන්. මගින් නැගපු ගුවන් යානා පරක්කු කරමින් බලවතුන්ට පහසුකම් සපයන්නයි අනිත් ගුවන් යානා වල ටිකට් ගත්ත මගින් ට වෙන ගුවන් යානා වල එන්න කියල බල කෙරෙන්නෙයි නැති ගුවන් සේවයක් ලැබුන දාට (නදී)
දිනේෂ්, පසුගිය රජය ශ්‍රී ලන්කන් සමාගම එමිරේට්ස් එකෙන් ආපසු අරගත්තේ ඒක දියුණු කරන්න නොවේ. පසුගිය පාලන කාලේ රටේ ඉහලම පුද්ගලයෙකුගේ පුතෙකුගේ උත්සවයකට එංගලන්තයට ගිය හදිසි ගමනකදී ආපසු ඒමට හදිසියේ පළමු පන්තියේ ටිකට් ලබා නොදුන් නිසයි. ඉතාම සීමිත පළමු පන්තියේ ආසන මේ අයට අවශ්‍ය තරම් ලබාදීමට නොහැකි වී ඇත්තේ මගීන් කිහිප දෙනෙක් මුදල් ගෙවා ඒවා වෙන්කරගෙන ඇති නිසායි. ඒකට කේන්ති ගොස් ගුවන් සමාගමේ කොළඹ මුලස්ථානයේ සී ඊ ඕ (ඔහු විදේශිකයෙක්) ගේ විසා අවලංගු කළා. ඉන්පසු ඔහුට ගුවන් සමාගමෙන් උපදෙස් ලැබුනේ ඩුබායි සිට තම මෙහෙයුම් කටයුතු කරගෙන යන ලෙසයි. දඬුවම නිසා ඔහුට ලැබුණු වාසියට කේන්ති ගිහින් කෝටි ගණනක පාඩුවක් සහ වන්දි (ගිවිසුම් කඩ කිරීම වෙනුවෙන් )ගෙවලා අපිට ලැබුනේ ධාවන කාලය අවසන් වීමට ආසන්න කබල් එයාර් බස් ටිකක්. ඒක තමා රටේ සම්පත් "විදේශිකයින්ගේ ග්‍රහණයෙන් මුදවාගෙන නැවත ලාංකිකයින්ට ලබාදීමේ "දේශප්‍රේමී ක්‍රියාවේ ඇත්ත කතාව. ඒ දක්වා ශ්‍රී ලන්කන් නම යටතේ නියමිත වෙලාවට ගුවන් ගමන් ධාවනය වුවා පමණක් නොව වසරකට ඩොලර් මිලියන ගණනක බදු ආදායමක් ලංකා රජයට ලැබුනා. ආපසු අපිට ලැබුන සමාගමට ඕ ලෙවල් වත් හරියට නැති ලොක්කෝ ටිකක් පත්කරලා වසරකට ඩොලර් මිලියන සිය ගණක පාඩුවක් උරුම කර දීම ඔබ හඳුන්වා ඇත්තේ ගොඩ ගැනීමක් ලෙසයි. මටනම් එහෙම හිතෙන්නේ නැහැ. ඒ වගේම කොන්ටාස් සහ ඉස්සර තිබු ඇන්සෙට් දෙකම 747 අභ්‍යන්තර ගුවන් ගමන් කලේ ජාත්‍යන්තර ගමනක ආරම්භය හෝ අවසානය හැටියට පමණයි. (නදී)
මත්තල කියන්නේ චින්නුන්න්ගේ ගුවන් යානා බාන්න හදපු චීන ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. හම්බන්තොටත් එහෙමයි. එතකොට නෙලුම් කුලුන එ්කත් එහෙමයි. එ්ක කොන්ට්‍රෝල් ටවර් එකක්. සල්ලි වලට රට පාවාදීල තියෙන්නේ (නදී)
අයියෝ සල්ලි. ඔතන ගුවන් යානා නඩත්තු අංගනයක් හැදුව නම් හරි. (නදී)
පහුවෙලා හරි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත්ත තීරණය ගැන සතුටුයි. රට ඇතුලේ කිලෝමීටර් 200 ගණනක දුර යන්න ජම්බෝ ජෙට් යානයක් භාවිතා කරනවා කියන්නේ හරියට බස් රියකින් අසල්වැසි නිවසට යනවා වාගෙයි. නමුත් කුඩා ප්‍රමාණයේ ගුවන්යානා භාවිතා කර ප්‍රාදේශීය ගුවන් ගමන් පුළුල් කල යුතු බවත් සඳහන් කල යුතුයි. (නදී)
සමහර වෙලාවට මත්තලින් මගින් 2 යි ඉන්නේ (නදී)
බණ්ඩා, මත්තලින් යන දෙන්නත් යන්නේ ගෙදර භාර්‍යාව සමග අඩදබර කරගෙන මැරුණත් කමක් නැහැ කියල වෙන්න ඇති. නැතිනම් මොලේ කළදක් තියෙන මෝඩයෙක් උනත් මැරෙන්න කැමැත්තෙන්ම යනවද? (නදී)
ඔය මත්තල ගුවන් තොටුපොළට වියදම් කරපු කෝටි ප්‍රකෝටි, මුදල් කටුනායක ගුවන් තොටුපොළට යොදා තවත් කටුනායක ගුවන් තොටුපොළ පුළුල් කරානම් අද මීට වඩා ගුවන් යානා ලංකාවට ගෙන්නන්න තිබුණා. දැන් වත් ඔය මත්තල මොණරුන්ට නිදහසේ පියාඹන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ හැදුව එකට තමයි කියන්නේ තණ්හාහි ජාති ශෝකෝ. තණ්හාවෙන් වැඩ කළොත් අන්තිමට ඉතුරු වෙන්නේ ශෝකයයි. (නදී)
අබරන් මහතාගේ අදහස ඉතාම වටිනා සහ කාලෝචිත අදහසක් බව පෙනේ. ලංකාවේ තිබෙන වටිනා කාර්මික දැනුම ඒවගේ දෙයකට යොදාගැනීම ඉතා වටිනවා. (නදී)
තනි පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට මෙවැනි දේවල් වලට කෝටි ගණනින් මහජන මුදල් වියදම් කිරීම මොන තරම් ජාතික අපරාධයක්ද? (නදී)
එකම ගුවන් යානයක් වත් නොආවත් මේක හදන්න ගත්ත නය සහ පොලී වාරික අඩුවෙන්නේ නැහැ. හොඳම දේ තමා මේක අභ්‍යන්තර ගුවන් තොටක් ලෙස පවත්වා, අඩුම ගන්නේ රේගුවට සහ ආගමන විගමන නිලධාරීන් කටුනායකට අනුයුක්ත කර ඉතුරු කර ගත හැකියි. (නදී)
ඕස්ට්‍රේලියාවේ කිලෝ මිටර් දහස් ගණන් වල අන්තර් ප්‍රාන්ත ගමන් වලට වත් නිතර ගමන් සඳහා ජම්බෝ ජෙට් යොදා ගන්නේ නැහැ. ජනතාවට ආශ්චර්යය පෙන්නන්න ගිහින් අපේ ගුවන් සේවාව කෑවා. දියුණු සෑම රටක්ම සම්පත් පාවිච්චි කරන්නේ ඉතාම සකසුරුවමින් සහ මනා සැලසුම් වලින් යුතුව. ජනතාවගේ බදු මුදල් අත්තනෝමතික විදියට කිසිම විදියකින් භාවිතාවක් නැහැ. (නදී)
මත්තල ගැන ද්වේශයෙන් නොබලා විකල්ප ක්‍රම මහින් හරි මුදල් උපයන ක්‍රියාමාර්ග ගැනීම නව පාලනයේ වගකීමක්. (නදී)
මේ ගුවන් තොටුපල ගුවන්යානා නැතිව නැවියන් පුහුණුකරන ගුවන් සමාගමකට බදු දෙමුද ? "ඩියුටි ෆ්‍රී " සාප්පුවටත් හොඳයි (නදී)
කටුනායක ගුවන් හමුදා සංකීර්ණය මත්තලට ගෙනිහින් කටුනායක ගුවන් තොටුපොල විශාල කරමුද ? (නදී)
උතුරට බෙදන හැන්දෙන්ම දකුණේ අපිටත් බෙදන්න. අපිට දියුණු වෙන්න අයිති නැද්ද (නදී)
මේ ගුවන් තොටුපොළ අනුයුක්ත කර තිබු කාර්ය මණ්ඩලයේ සේවාව පවා ගුණාත්මක භාවය මදි. සමහර තොටුපල සේවිකාවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා සුළු ප්‍රශ්නයකට උත්තර දීමට පවා බැරි මට්ටමක. සමහරුන්ගේ වෘත්තීය මට්ටමකින් කටයුතු කිරීමේ හැකියාව සහ කුසලතා පහල අඩියක. හම්බන්තොටින් පමණක් සොයාගත් පිරිසකගෙන් කාර්ය මණ්ඩලය පුරවලා කියල හොඳට පේනවා. පාරිභෝගික සේවාවේ ගුණාත්මක බව අඩුයි. . ඉතින් කොහොමද මෙතන ලාභ ලබන්නේ (නදී)
නිලංග, ඔස්ට්‍රෙිලියාවේ හිටපු කෙනෙක් හැටියට මේ ලියන්නේ. මතක නැද්ද ක්වන්ටාස් සමාගම 747 පාවිච්චි කරන බව. සිඩ්නි හා පර්ත් අතර. ඒ වගේම, අපේ රටේ ගුවන් සේවය සහ සංචාරක ව්‍යාපාරය කෑවේ පහුගිය රජය නෙවෙයි, අපේ ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සේවයට විකුණු චන්ද්‍රිකා රජයයි. එමිරේට්ස් අපිව නැති කරලා මාලදිවයන උඩට ගත්තා. ශ්‍රීලන්කන් ගුවන් සේවය නැවත මිළදී ගෙන සංචාරක ව්‍යාපාරය ගොඩ ගත්තේ ගිය රජයයි. (නදී)