වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියෙකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරකු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ.
එය 2015 වසරේ ඒක පුද්ගල ණය බර වූ රුපියල් 373,462ක අගයට වඩා රුපියල් 44,451ක ඉහළ යාමක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 12% ක වැඩිවීමකි.
2005 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර පැවැතියේ රුපියල් 108,908ක මට්ටමේ වූ අතර, වර්තමානය හා සැසදීමේ දී එය ඉතා සීඝ්‍ර ලෙස ඉහළගොස් තිබෙනු හඳුනාගත හැකිය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන විගණකාධිපතිවරයාට අනුව රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ රටේ මුළු ණය බරට එකතු කර තිබෙන විදෙස් ණය ප්‍රමාණය (40 % ඉක්මවන) හා දිගින් දිගටම සිදුවන එහි වර්ධනය වැනි හේතු සැළකිල්ලට ගැනීමේ දී ඒක පුද්ගල ණය බර තවදුරටත් ඉහළයාමට ද ඉඩ තිබේ.
රටේ ණය කළමණාකරණයේ තත්ත්වය අරබයා ඉතා අඳුරු චිත්‍රයක් මවා තිබෙන විගනකාධිපතිවරයාගේ වාර්තාවෙන්, මුල්‍ය කාර්යසාධනය හා ඒ සම්බන්ධ වාර්තා සකස් කිරීම සදහා වැදගත් වන නීති, රෙගුලාසි, සහ පිළිවෙත් නොසළකා හැර තිබෙන බවද, නිවැරදි හා විශ්වාසය තැබිය හැකි තොරතුරු වාර්තාකරණය සදහා ක්‍රමවේදයක් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවද, පෙන්වා දී තිබේ.
විගණනය සදහා බාරදුන් වාර්තාවලට අනුව දේශීය සහ විදේශීය ණය ලෙස රජයේ මුළු බැරකම්වල වටිනාකම 2016 දෙසැම්බර් මස 31 වන විට රුපියල් ට්‍රිලියන 8.9 ක් වීමේ දී, මුළු වත්කම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් වූ බව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වේ.
ආයෝජන කටයුතුවල ඇස්තමෙන්තු සැළකිල්ලට ගනිමින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අපොහොසත් වීම සහ එම ආයෝජනවලින් උපයාගත් වත්කම් නිවැරදිව හදුනාගැනීමට සහ ඒවායේ වටිනාකම් ගිණුම් කිරීමට අපොහොසත් වීම මෙවන් තත්ත්වයක් උද්ගත වීමට ප්‍රධාන හේතු ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
‘‘රට මත පැටවී තිබෙන ණය බර ඉතාම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතත්, එම ණය යොදාගෙන උපයාගත් වත්කම් නිවැරදිව හඳුනාගැනීමක් හෝ ඒවායේ වටිනාකම් හඳුනාගැනීමක් හෝ සිදුව නොමැත,‘‘ යැයි වාර්තාවේ සදහන්ය.
මුල්‍ය කළමණාකරන වගකීම් පණතට අනුව රජයේ මුළු බැරකම් ප්‍රමාණය දළ දේශීය නිශ්පාදිතයේ වටිනාකමින් සියයට 80 නොඉක්මවිය යුතුය.
නමුත් මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2016 වසර සදහා වන මුල්‍ය ප්‍රකාශයන් අනුව, එම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට රජයේ මුළු බැරකම්වල වටිනාකම රුපියල් බිලියන 9865කි.එය පණතින් අවසර දී ඇති උපරිම ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බව විගනකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
110

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම කාලා, වනසලා, සැනසිල්ලේ මැරෙන්න.
තව වැඩිකල් යන්නට ඉස්සර වෙලා ලෝකයේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිම රට ලෙස වාර්තාවක් තියන්න පුළුවන් වේවි. එතකොට ලෝකයේ දූෂිතම රට, ලෝකයේ වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට, ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පානය කරන රට, වගේම ලෝකයට වැඩියෙන්ම ණය වු මිනිස්සු ඉන්න රට කියලා ලෝකය කියයි. කාටද ආඩම්බර!
හරිම කණගාටුයි. ණය උගුල්වල පටලවන අයට සැප වේවා!!!
අයියෝ.. මේ මදිනේ.. තව හදමු එයාපෝට්, වරායවල්, පාරවල්, තව කඩමු බැංකු, අපේ රත්තරන් මන්ත්‍රීලට සුර සැප දෙමු... අපි සල්ලි තියෙන ජනතාවක්නේ.. අපිට දෙන්න රටේ ණය.. අපි නොකා නොබී හරි ගෙවන්නම්...
රටේ හොඳම රියැලිටි ෂෝ එක දේශපාලනය වුණාම මේ වෙලා තියෙන විනාශය අරුමයක් නෙවෙයි.
මව්බිමට ජයවේවා..!! අපි වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන රටක් ජාතියක්.. මේ බොරු වාර්තාවලින් අපිව වට්ටන්න බැහැ.
අපේ රටේ ජනගහනයෙන් 225ක් සිහින මවන්නන් වන අතර, ඉතුරු මිලියන 21.2 සිහින දකින්නන් වේ.
එතකොට ආසියාවේ හොඳම මුදල් ඇමැති කිව්වා නේද රටේ ණය බර අඩුකරලයි තියෙන්නේ කියලා. අයි.සී.යූ. එකේ තිබිච්ච ණය වාට්ටුවට දැන් ගෙනැල්ලා තිබ්බයි කියලා. බලනකොට වාට්ටුවට නෙමෙයි මෝචරියට දාලා තියෙන්නේ.
ණය ගන්නකොට සනීපයි. නැවත ගෙවන්න වෙනකොට ඉස්, මොල රත්වෙලා බෙරිහන් දෙනවා!
මේ සංඛ්‍යා ගැන භිය විය යුත්තේ රටේ ජනතාවයි. නමුත් පළාත් සභා ජන්දයේදී මිනිස්සු එක හඬින් ප්‍රකාශ කරලා තියෙන්නේ මහින්ද මහත්තය ඒක පුද්ගල ණය රුපි. මිලියනය දක්වා නැන්ඟුවත් ඒ කට බය නැහැ කියන එක. 2005 සිට 2015 දක්වා ඒක පුද්ගල ණය වැඩි වූ ආකාරය ගැන හිතලදෝ මහින්ද මහත්තය ප්‍රසිද්ධියේම ජනතාවගෙන් ඇහැව්වේ ඕගොල්ලන්ට දැන් සැපද කියල. අපි නම් ඕකට කියන්නේ අහෝ සුඛං කියල.
කොරියාව, ඉන්දුනිසියාව, මැලේසියාව මෙන්ම වියට්නාමය වගේ රටවල් මෙන්ම සිංගප්පූරුව පවා දියුණු තත්වයට පත් වූයේ දැඩි කැපවෙන අවංක දේශපාලන නායකත්වයක් ඒ රටවල බිහිවුණ නිසයි. ඒත් අප රටේ අවස්ථා ගණනාවකදීම රට වැසියා ඉතා අසරණ විධියට රැවටීමට පත් වුණා. යහපාලනයත් මෑත කාලයේ හොදම රැවටීමයි.මේ මුලු ඡන්ද ක්රමයම ප්රත්ක්ෂේප කරලා රටට වැඩදායි නායකත්වයක් බිහිවීමයි යුගයේ අවශ්‍යතාවය. තරුණ නායකත්වයක් රටට ඉදිරියදී නායකත්වය දේවී. හැබැයි බොරුවට පුම්බන්න හදන දේශපාලකයින්ගේ පෝතකයින් නෙවේ.
තාත්තාගේ ආදායමට ගැලපෙන්නෙ නැති විදියට අම්මා ණයට ගෙදර ටීවී, ෆ්‍රිජ්, රේඩියෝ වලින් පිරෙව්වට ඒ ගෙවල් ඇත්තට ම දියුණු නෑ. අන්තිමට ණය ගෙවා ගන්නත් බැරි වෙලා ළමයින්ට කන්න පවා නැති වෙනවා. ඒත් වටේ පිටේ අය හිතන්නේ ඒ ගෙවල් හරි සරු සාරයි කියලා. ඒ වගේ තමයි අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ හිතන විදියත්. උපාය මාර්ගික සැලසුම් නැතුව පාලකයෝ ණය ගන්නකොට හිතන්න ඕන අනාගතයේ අය කොහොමද මේවා ගෙවන්න වෙන්නේ කියලා. නැතුව වරායවල්, එයාර් පෝර්ට් හැදිල්ල ගැන විරෝධයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ බලයට ආපු පාලකයන්ගේ මොලේ වර්ධනය මදි කමයි.
රටේ දියුණුව නොතකා කොමිස් ගහන, සුඛෝපභෝගී කාර් ගන්න මාන්දම තියන දේශපාලකයෝ ඉන්නකම් අපිට මේ ණය බර පරම්පරාවෙන් පරම්පරාවට ගෙවන්න සිදු වේවි !!!
මේ වගේ දේවල් පාර්ලිමේන්තුවේ ඉන්න රට කරවන මහතැත්වලට පෙනෙයිද මන්දා? පෙනුණත් එය තේරුම් ගන්න පුළුවන් වෙයිද? මේ තත්වයේ බරපතලකම ගැන ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕනිද? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 97 දෙනෙක් සාමාන්‍ය පෙළවත් සමත් නෑ කියල කව්ද ප්‍රසිද්ධියේම කිව්වා නේද? පාසැලකට වැස්සකටවත් ගොඩ නොවෙච්ච කී දෙනෙක් ඉන්නවද කියල දෙයියො තමයි දන්නේ. ඉතින් මේ පණ්ඩිතයෝ ටික තමයි රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න යන්නේ. අනාගත ශ්‍රී ලංකාවට දෙයියන්ගේම පිහිටයි.
ඔහොම නොවෙයි මේ හෙඩිම දමන්නට තිබුනේ..." රටේ ජීවත්වන හැම පුරවසියෙකුගෙන්ම රුපියල් ලක්ෂ 4 බැගින් " හොර දේශපාලකයින් ගසාකති.." යනුවෙනි. මේ රටේ ජීවත්වන අහිංසක ජනතාව මතට මේ බර පැටවීමේ සම්පුර්ණම වගකීම එදා මෙදා සිටිය, සිටින සියලුම " දේශපාලකයන් "බාරගත යුතුයි (අපේ රටේ දේශපාලකයින් සිටියා නම් සිටියේ අතලොස්සකි.. ඒ අය අද නැහැ. සිටින්නේ දියවන්නාව අවට සිට රටම උලාකන අම්බරුවන් රැලක් පමණි)
දේශපාලකයින් විතරක් නෙවෙයි... අපි ඔක්කොම මේකට වග කියන්න ඕනේ. අපි ළඟ තියෙන්නේ ඉල්ලීම් විතරනේ. දහදාහක් පඩි වැඩිකිරීම්, නිකම් පොහොර, ඩියුටි ෆ්‍රී වාහන ඉල්ලනකොට මේවා මතක් වෙන්නේ නැහැ. කොච්චර දුන්නත් මදි. තව දෙන්න කියලා ඉල්ලන්නේ. දේශපාලකයන් විතරද හොරාකන්නේ. සමස්ත සමාජයම හොරකනවා. බෙහෙත් නිකම්, ඉස්කෝල නිකම්, විශ්වවිද්‍යාල නිකම්... මේවා භුක්ති විඳිනකොට ඔය ණය මතක් වෙනවද? වැඩි පඩිත් ඕනේ, බදු අඩුවෙන්නත් ඕනේ, හොරකම් කරන්නත් ඕනේ, හොරකම නවත්වන්නත් ඕනේ. කට කියන්නද?
සෙන්සා, මේ රට ගොඩගන්න පුළුවන් සොඳුරුම (මේ කියන සොඳුරු යන වදනේ ගැඹුරු අර්ථ නිරූපණයක් ඇත) ආඥා දායකයෙකුටම පමණයි.
බැඳුම්කරේට සම්බන්ධ හොරමුල ඇරෙන්න අපි හැමදෙනාම ණයයි...