රටවල් 10කගේ සහභාගිත්වයෙන් කොළඹදී මෙම 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල් පන්දු තරගාවලිය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
එහි සමාරම්භක උත්සවය එදින පෙරවරු 10ට සුගතදාස ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ. ආසියානු කුසලාන දැනට සතුකර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදීත් එය ආරක්ෂා කර ගනු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක‍්‍රීඩිකාවන් දෙදෙනකු නම්කර තිබේ. ලොව උසම පන්දු විදින්නිය ලෙස සැළකෙන තර්ජනි සිවලිංගම් හා ගයාත‍්‍රි ලංකාතිලක ඔවුන් වෙති. ගයාත‍්‍රි මීට පෙරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක‍්‍රීඩිකාවකි.
තරගාවලිය ආරම්භ වන මෙම 25 වැනිදා සත්කාරක ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගයෙන් මෙවර ආසියානු දැල්පන්දු තරගාවලිය ආරම්භ වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd