ඉතාලියේ විචෙන්සා ඇතුළු නගර දෙකක ශ්‍රී ලාංකිකයන් අතර සිට්ටු දමා යුරෝ අසූ දහසක් හෙවත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළැයි කියන සංක්‍රමණිකයකු එම මුදල් ඉල්ලන විට පරුෂ වචනයෙන් බැනවැදී හැකි ලෙසකින් ගන්නා ලෙස කියිතියි ඔහුට අසුවූවෝ කියති. ඔහු ඉතාලියේ පාදෝවා නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිට්ටු දැමීම අරඹා ඇත. සීට්ටු දැමීම ඉතාලියේ නීති විරෝධී ක්‍රියාවකි. තමන්ට ඉතාලි නීතියෙන් පිළිසරණක් නොමැති බැවින් සීට්ටු වංචාවට හසු වූ අය ශ්‍රි ලංකාවේ ආරකෂක අමාත්‍යංශයට, විදේශ අමාත්‍යංශයට හා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට එම ශ්‍රී ලාංකිකයා ගැන දන්වූ ඔවුහු සහනයක් බලාපොරොත්තු වෙති. ඔහු ඉතාලියට ගියේ කිරිබත්ගොඩිනි. සිට්ටු දැමූ ඇතැමෙක් ගුටි බැට හුවමාරුකැර ගත් බවත් කියති. මිලානෝ, නාපොලි හා කටානියා නගරවලින් ද සීට්ටු දැමීමෙන් යුරෝ දහස් ගණන් වංචා කළ ශ්‍රී ලාංකිකයන් සිටින බව වාර්තාවෙයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව කළේ ලංකාවේ කට්ටියගෙන් අහල නෙමෙයිනෙ. දැන් ඉතින් සක්විතිට දුන්නු අය වගේ හිත හදාගන්න
පාස්පෝට් යාලු එක්ක ගණුදෙනු ඔහොම තමා
නමත් එක්ක පළකලා නම් තමයි වටින්නේ
නාපොලි නගරයේත් ඉන්නවා ඔය වගේ සීට්ටු හොරු . නමුත් නපොලියේ අයනම් සීට්ටු සල්ලි ගන්න විදිය දන්නවා
මේවා ඉතාලියේ සිද්ධ වෙන සාමාන්‍ය සිද්ධි. සීට්ටු දාන කොට ඒකට සහභාගි වෙන අය දන්නෙ කවුද? හැම දේම හොයලා බලන්න ඕනා. නැත්නම් සල්ලි වලට දෙවියන්ගෙම පිහිටයි