අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් මේ මස 11 වැනිදා ඕස්ටේ‍්‍රලියාවේදී ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන සනිත මෙල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිලේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ද මෙල් කටයුතු කරන අතර උප නායකත්වය මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඇන්ජලෝ ජයසිංහට හිමිව තිබේ.
සංචාරයට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍යහමුවේදී නායක සනිත මෙල් පැවසුවේ තමන්ට සමබර කණ්ඩායමක් ලැබී ඇති බවත් කණ්ඩායමේ පළමු ඉලක්කය ‘සුපිරි අට’ වටයට පැමිණීම බවත්ය.
කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා පිල ‘ඞී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. ‘ඞී’ කාණ්ඩයට දකුණු අප‍්‍රිකාව, බංග්ලාදේශය සහ නැමීබියාව යන කණ්ඩායම් ඇතුළත් වේ. ශ්‍රී ලංකා පිල මේ මස 11 වැනිදා බි‍්‍රස්බේන්හිදී බංග්ලාදේශයට එරෙහිව පළමු තරගයට සහභාගි වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිත ලියනාරච්චිට අපේ සුභ පැතුම්! (නි)
ඔබ සැමට ජය නියතයි. (නි)
වාසනාවන්ත ජයග්‍රාහී හෙට දිනක් ප්‍රාර්ථනා කරමි. (නි)