( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අළුත්ගේ මහතා අද 19) එම වෛද්‍ය සභාවට එරෙහිව වාරණයක් නිකුත් කළේය.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහත්වරුන්ට එරෙහිව මේ වාරණය නිකුත් කළේය.
හිනිදුම රෝහලේ වෛද්‍ය ජයසුන්දර හා බන්ධනාගාර රෝහලේ වෛද්‍ය කපිල චන්දන පැවරු නඩුවක් සළකා බැලිමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.
වෛද්‍ය සභාවේ නීති රෙගුලාසි සෑදීමකින් තොරව හෙට (20) සහ අනිද්දා (21) පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය පැවැත්වීම නීති විරෝධි බවත්, වෛද්‍ය සභාවේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර ගැසට් කරතෙක් නිලවරණය පැවැත්වීම වළක්වන ලෙසත් කළ ඉල්ලීමක් සළකා බැලිමෙන්පසුව මෙම වාරණය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd