ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විය. බංග්ලාදේශය සහ නැමීබියාව අතර අද (16) පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් බංග්ලාදේශය කඩුලූ 7 ක ජය ලැබීමත් සමග ශ්‍රී ලංකා පිල ‘සුපිරි අට’ වටයෙන් ඉවතට විසිවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වසර 10 පසුව පළමු වටයෙන්ම ඉවත්වීම කැපී පෙන්. ශ්‍රී ලංකාව අවසන් වරට 2002 යොවුන් ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම ඉවතට විසිවී තිබේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර නවවැනි ස්ථානයේ සිට ශ්‍රේණිගත කිරිමේ තරගාවලියේ තරගය මේ මස 20 වැනිදා පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය ජාතික කණ්ඩායමට ආවොත් මොනවා කරයිද?(නු)
කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)
ඇදුරුමකමටද තේරුවේ දන්නෑ....(ස)
අයියෝ සල්ලි
ලංකාව දැන් ලෝකයේ නමක් තියාගෙන ඉන්නේ ක්‍රිකට් වලින් විතරයි. අනාගතයේ ඒකත් නැති වෙයි වගේ. (නි)
නියමයි. මෙච්චරයි අඩුපාඩුවකට තිබුණේ. ආරම්භයම ඉතා සාර්ථකයි. (නි)
පළමු වටයෙන්ම ඉවත්වීමේ රටාව මෙයයි. 2002, 2012, 2022. (නි)
මේ දේවල් වලට පාලකයන් තමයි වග කියන්න ඕනෑ. (නි)
ලංකාවේ ක්‍රිකට්? අනේ මන්දා. (නි)
19 පහළ කණ්ඩායමට නියමිත දක්ෂයන් තෝරගෙන නැහැ.දේශපාලන බලපෑම් මත ක්‍රීඩකයන් ඇතුලත් කිරීම නිසා මෙම උදාවී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පරාජයන් පිටුපස ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සිටී. (ස)
දැන් ලංකාවේ හුගක් අය ක්‍රිකට් වගේ දේවල් වලට යොමු වෙනවා අඩුයි. හැමෝම හදන්නේ දරුවන්ට උගන්වන්න මිසක් බාහිර දේවල් වලට යොමු කරන්න නෙමෙයි. (නි)
අපිට ඉතුරු වෙලා තිබුනෙ ක්‍රිකට් විතරයි..දැන් ඒකත් විනාසයි..! (නු)