IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල  ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විය. බංග්ලාදේශය සහ නැමීබියාව අතර අද (16) පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් බංග්ලාදේශය කඩුලූ 7 ක ජය ලැබීමත් සමග ශ්‍රී ලංකා පිල ‘සුපිරි අට’ වටයෙන් ඉවතට විසිවිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වසර 10 පසුව පළමු වටයෙන්ම ඉවත්වීම කැපී පෙන්. ශ්‍රී ලංකාව අවසන් වරට 2002 යොවුන් ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම ඉවතට විසිවී තිබේ. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර නවවැනි ස්ථානයේ සිට ශ්‍රේණිගත කිරිමේ තරගාවලියේ තරගය මේ මස 20 වැනිදා පැවැත්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි

චකුරංග Thursday, 16 August 2012 07:51 PM

මෙහෙම අය ජාතික කණ්ඩායමට ආවොත් මොනවා කරයිද?(නු)

:       0       0

සිසිර Thursday, 16 August 2012 08:49 PM

කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)

:       0       0

ශාන් Friday, 17 August 2012 10:59 AM

ඇදුරුමකමටද තේරුවේ දන්නෑ....(ස)

:       0       0

ප්‍රදීප් Thursday, 16 August 2012 09:02 PM

අයියෝ සල්ලි

:       0       0

දිනිත් Sunday, 19 August 2012 08:10 AM

ලංකා‍ව දැන් ලෝකයේ නමක් තියාගෙන ඉන්නේ ක්‍රිකට් වලින් විතරයි. අනාගතයේ ඒකත් නැති වෙයි වගේ. (නි)

:       0       0

නිමා Friday, 17 August 2012 02:50 AM

නියමයි. මෙච්චරයි අඩුපාඩුවකට තිබුණේ. ආරම්භයම ඉතා සාර්ථකයි. (නි)

:       0       0

සජී Thursday, 16 August 2012 05:32 PM

පළමු වටයෙන්ම ඉවත්වීමේ රටාව මෙයයි. 2002, 2012, 2022. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 16 August 2012 06:01 PM

මේ දේවල් වලට පාලකයන් තමයි වග කියන්න ඕනෑ. (නි)

:       0       0

සිසිල් Friday, 17 August 2012 08:06 AM

ලංකාවේ ක්‍රිකට්? අනේ මන්දා. (නි)

:       0       0

රාජිත Thursday, 16 August 2012 06:30 PM

19 පහළ කණ්ඩායමට නියමිත දක්ෂයන් තෝරගෙන නැහැ.දේශපාලන බලපෑම් මත ක්‍රීඩකයන් ඇතුලත් කිරීම නිසා මෙම උදාවී ඇති අතර ශ්‍රී ලංකා‍ කණ්ඩායමේ සියලු පරාජයන් පිටුපස ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සිටී. (ස)

:       0       0

නලී Thursday, 16 August 2012 06:46 PM

දැන් ලංකාවේ හුගක් අය ක්‍රිකට් වගේ දේවල් වලට යොමු වෙනවා අඩුයි. හැ‍මෝම හදන්නේ දරුවන්ට උගන්වන්න මිසක් බාහිර දේවල් වලට යොමු කරන්න නෙමෙයි. (නි)

:       0       0

රොක්ෂාන් Thursday, 16 August 2012 07:10 PM

අපිට ඉතුරු වෙලා තිබුනෙ ක්‍රිකට් විතරයි..දැන් ඒකත් විනාසයි..! (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site