
(රොමේෂ් මධුෂංඛ)
යාපනය පේදුරුතුඩුව සහ වෙත්තලකේනි අතර මුහුදු තීරයට අනවසරෙයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 23 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමගින් අද අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට අයත් යාත්‍රා මගින් පේදුරුතුඩුව සහ වෙත්තලකේනි අතර වූ නැගෙනහිර මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුල්වී ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් මසුන් අල්ලමින් සිටියදී නාවික විසින් හමුදා භාරයට ගනු ලැබීය.
කෙසේ වෙතත් අත්අඩංගුව ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා සහ ඔවුන්ගේ යාත්‍රා දෙක සමගින් ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න සහ මසුන්ද සමගින් කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට රැගෙනවිත් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාල නිලධාරීන්ට භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වටිනා සම්පත් ඉන්දියාවට තුට්ටුවට විකුනද්දී, මේ මොන කජ්ජක්ද?