කොරියාවේ බුසාන් නුවර පැවැත්වෙන 21 වැනි ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා මේසපන්දු පිල ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා පිලට කී‍්‍රඩකයෝ සිව්දෙනක් සහ කී‍්‍රඩිකාවෝ තිදෙනෙක් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන පිරිමි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.
කණ්ඩායමේ කළමාණාකරු ලෙස නීල් අතුකෝරළ මහතාද, කාන්තාවන් භාර නිලධාරිනිය ලෙස පි‍්‍රයන්කා ඉලූක්කුඹුර මහත්මියද, කණ්ඩායම් භාර නිලධාරී ලෙස එම්. එස්. එම්. රසීන් මහතාද තරගාවලියට සහභාගීවෙති.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම
ඉදිරි පෙළ -
නීල් අතුකෝරළ මහතා (කළමණාකාරු), පි‍්‍රයන්කා ඉලූක්කුඹුර මහත්මිය (කාන්තාවන් භාර නිලධාරිනි), එම්. එස්. එම්. රසීන් මහතා (කණ්ඩායම් භාර ප‍්‍රධානියා)
පසු පෙළ -
පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල), රිද්මි කරඳනාරච්චි (මහනුවර මහාමායා විදුහල), ඉෂාරා මදුරංගි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), රොහාන් සිරිසේන (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), මලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල), ඉන්දික ප‍්‍රසාද් (ශ්‍රී ලංකා නාවික හමුදාව)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ රෑන්ක් වල දෙවෙනි ස්ථානයේ ඉන්න උදය රණසිංහ තාම වයස අවරුදු 14 ක දරුවෙක්. එයාට තව ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. වගකිය යුත්තෝ මේ ලමයගන බලනවානම් තමයි හොද. ලංකාදීපය ටත් මේ දරුවට කල හැකි යමක් කරදෙන්න.(නදී)