IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා පිලට නව අනුග‍්‍රාහකයෙක්

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ඉන්දියාවේ සුප‍්‍රකට දේපළ අළෙවි සමාගමක් වන ‘හෝම්ස්ටෙඞ්’ සමාගම ඉදිරිපත් වී සිටී. ද්විපාර්ශ්වික තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් වශයෙන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම ජංගම දුරකතන සමාගමක් තවදුරටත් කටයුතු කරන නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාණිජ සහකරුවන් අතර ජංගම දුරකතන සමාගමක්ද සිටින බැවින් ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙනත් අනුග‍්‍රාහකයකු සොයා ගැනීමට සිදුවිය. වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන ‘හෝම්ස්ටෙඞ්’ සමාගමේ අනුග‍්‍රහය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාග වන පළමු වැනි ලෝක මට්ටමේ තරගාවලිය වන්නේ මේ මස 18 වැනිදා ශී‍්‍ර ලංකාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියයි. ඉන් අනතුරුව ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහ 2013 දී බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටද ශී‍්‍ර ලංකා පිල ‘හෝම්ස්ටෙඞ්’ අනුග‍්‍රහය යටතේ සහභාගි වෙයි. ඇන්ජලෝ මැතිවිස් සහ මහේල ජයවර්ධන නව අනුග‍්‍රාහකයන්ගේ ලාංඡන සහිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලූම් ඇඳ....



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට නව අනුග‍්‍රාහකයෙක්

සහේලි Monday, 10 September 2012 06:51 PM

ඇඳුම නම් ගැලපෙන්නේ නැහැ. නමුත් රටින් පිට අනුග්‍රාහකයෙක් නිසා රටට විදේශ විනිමය ලැබෙයි. රොමේ (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:20 PM

කන්න දුන්නු අත හපාකන්න බෑනේ..ඉතින් කොහොමද ඉන්දියාව පරද්දන්නේ...(ස)

:       0       0

තුසිත Tuesday, 11 September 2012 10:02 AM

අපේ ක්‍රිකට්වලට ජය වේවා.!(නු)

:       0       0

තුෂාන් Tuesday, 11 September 2012 10:09 AM

කවුරු ආවත් කමක් නැහැ ක්‍රිකට්වලට හොද කලක් යනවානම්..!(නු)

:       0       0

සිසිර Monday, 10 September 2012 01:54 PM

දැන් තියෙන්නේ‍ මොකක්ද එතකොට....(ස)

:       0       0

හිමල් Monday, 10 September 2012 09:11 PM

මහේලයි මැතිව්සුයි ලැජ්ජාවෙන් අත් දෙක බැදගෙන ඉන්නවා වගේ මටනම් පෙනෙන්නේ. (නි)

:       0       0

මාධව Monday, 10 September 2012 09:19 PM

ඉන්දියවට ඕනෑ දේවල් විතරයිද වෙන්නේ? හරිම නරකයි. (නි)

:       0       0

චන්දන Tuesday, 11 September 2012 11:56 AM

දැං ඉතිං ඉන්දියාවට අවශ්‍ය ලෙස තව දුරටත් කරුණු කාරනා සිදු වෙයි.!(නු)

:       0       0

කොඩිකාර Monday, 10 September 2012 03:16 PM

ඉදිරිය හොද වෙයි (දී)

:       0       0

සංජු Tuesday, 11 September 2012 05:09 PM

මේක ඇතුළේ මොකක් නමුත් ගැටළුවක් ඇතිබවක් හැගෙනවා (නි)

:       0       0

මාටින් Monday, 10 September 2012 03:58 PM

ඊයා මේ ඇදුමනම් ලංකාවට ගැලපෙන්නේ නෑ..චෙෆ්ලා දෙන්නෙක් වගේ.(ස)

:       0       0

සදුන් Monday, 10 September 2012 04:01 PM

ඒ ඇඳුමේ කිසි ගැම්මක් නෑ වගේ...(ස)

:       0       0

රන්මල් Monday, 10 September 2012 04:03 PM

ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම ගියොත් ටීම් එකටත් ඉන්දියන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයිද දන්නේ නෑ...(ස)

:       0       0

යොහාන් Monday, 10 September 2012 11:05 AM

නව අනුග්‍රහකයෝ හොයාගත්තට වැඩක් නෑ. වැඩ පෙන්නන්න ඕන...(ස)

:       0       0

වරුණ Monday, 10 September 2012 11:20 AM

ඇයි ලංකාවේ අනුග්‍රාහකයෝ නැද්ද ..ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවට උගස් කරලා....(ස)

:       0       0

ෂර්ෆාස් Tuesday, 11 September 2012 12:11 AM

වෙල්කම් ඉන්දියා. (නි)

:       0       0

මහේෂ් Monday, 10 September 2012 11:55 AM

ලංකාවට මොකද වෙලා තියෙන්නේ...ඇයි අනුග්‍රාහකයෝ ලංකාවේ නැද්ද .(ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 11 September 2012 03:27 AM

අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ බහින කලාවද මන්දා.බංගලිදේශ ජාතිකයෙක් මේ පුවත දැකලා හරියට දුක් වුණා.ඒ ගොල්ලන්ගෙ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි අනෙකුත් ක්‍රීඩාවලටත් අනුග්‍රාහකත්වය ගන්න වෙළද ආයතන ලොකු සටනක් දෙනබව කිවුවා. අඩුතරමේ අපේ ආයතන කිහිපයක් එකතු වෙලාවත් අනුග්‍රහය දක්වන්න තිබුනානේ.අර කිවුවා වගේ ඇඳුමේ කිසි ගැම්මක් නැහැ. (නි)

:       0       0

රණවීර Tuesday, 11 September 2012 07:44 AM

ඉන්දියාව ගාවා ගන්නෙ නැතුව මුකුත්ම කරන්න බැරිද? (නි)

:       0       0

අතුල Monday, 10 September 2012 06:24 PM

ජයවේවා (දී)

:       0       0

තරුෂ Monday, 10 September 2012 01:15 PM

ඉන්දියාවට ඕන විදියට සෙල්ලං කරයිද දන්නෑ .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site