සිය 12 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ලබාගත් කුමාර් සංගක්කාර (102) සහ ළහිරු තිරිමාන්න (69) එක්ව ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ (22 වැනිදා) දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගාවලියේදී කඩුලූ දෙකක තියුණු ජයක් කරා යාමට ශී‍්‍ර ලංකා පිලට පාර කපා දුන්හ. ශී‍්‍ර ලංකා පිල පිටම දෙවැනි තරගයත් ජයගත් නමුත් එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ.
ලකුණු 313 අසීරු ඉලක්කයක් පසුපස හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර ගියේය. ජයග‍්‍රහණයට ලකුණු 38 ක් මෑතින් සිටියදී සංගක්කාර දැවී යාම නිසා කළබල වූ ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ හතරක් ලකුණු 30 කදී දැවී ගිය අතර සචිත‍්‍ර සේනානායකගේ හයේ පහරින් ශී‍්‍ර ලංකා පිල ජයගත්තේය.
පන්දු 97 කදී ලකුණු 102 ක් ලබාගත් කුමාර් සංගක්කාර සිය ඉනිම හතරේ පහර 10 කින් අලංකාර කරද්දී සංගක්කාර සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක් එක්කළ ළහිරු තිරිමාන්න, පන්දු 63 කදී ලකුණු 69 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම සවිමත් කළේය.
පිටියට පිවිසි සැණෙකින් දුටු වැසි වළාකුළු සමූහයේ තර්ජනයෙන් බියපත් ඩිල්ෂාන් සහ උපුල් තරංග දෙදෙනා දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට හැරුණු හැරුණු අතේ පහර දෙමින් ඕවර 7 කදී ලකුණු 57 ක් උදුරාගත්හ.
ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු දඩයමට බාධා කළ වර්ෂාව හේතුවෙන් තරගය පැයක පමණ කාලයක් දීර්ඝ කරන ලද නමුත් ඕවර අඩු නොකෙරිණ. එබැවින් තරගය නිමා වන විට රාත‍්‍රී 7 පසුවී තිබිණ.
මෙම තරගාවලියේ තුන්වැනි අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී, උපුල් තරංග දැවී ගියේ දකුණු අපි‍්‍රකානුවන්ගේ තවත් අති විශිෂ්ට පන්දු රැකීමකිනි.
එක්ස්ට‍්‍රා කවර්ස් කලාපයට ඉහළින් ගැසූ හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ද සමගින්, පන්දු 39 කින් ලකුණු 46 ක් ලබාගත් තරංග ගැසූ පහරකින් පන්දුව ගුවනේ ඉගිළ ගියේය. ඒ පසුපස දිවගිය ඩූමිනි, අඩි දෙකක් පමණ ඉදිරියට පනිමින් උඩපන්දුව ඩැහැගත්තේය.
ගේ‍්‍රඒම් ස්මිත් (125) සහ ඒ.බී. ඩිවිලියර්ස් (නොදැවී 125) දෙදෙනාම ශතක ලබාගැනීම නිසා නියමිත ඕවර 50 නිමා වන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 312 ක් ලබාගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 186 ක සම්බන්ධතාව ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරග වල වාර්තාවක් ද වෙයි.
දකුණු අපි‍්‍රකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ ස්මිත්, සචිත‍්‍ර සේරසිංහගේ පන්ද හමුවේ මිඩි විකට් කලාපයට ඉහළින් හයේ පහර හතරක්ම ගැසූ නමුත්, අනවශ්‍ය පහර කරා නොයමින් ප‍්‍රවේසමෙන් ලකුණු ලබාගනිද්දී ඔහුගේ සහායක පිතිකරුවෝ කි‍්‍රකට් පොතේ නැති පහර පවා ගසමින් ලකුණු සොයා ගියහ.
විනඩි 203 ක් පුරා පිටියේ රැුඳුනු හිටපු නායකයා පන්දු 143 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් ද සිය ඉනිමට ඇතුළත් කළේය. වොන්ඩරස් පිටියේදී සිය වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලබාගත් ස්මිත් එය ශී‍්‍ර ලංකා පිලට එරෙහිව තමන් ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යව බවටද පරිවර්තනය කළේය.
ස්මිත් එක්දින ශතකයක් ලබාගත්තේ තරග 35 කට පසුව වන අතර එක්දින පිටියේදී අසාර්ථක වීම නිසා දැඩි විවේචනයට ලක්ව සිටි අතර සිය විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු දුන්නේය.
මේ අතර ඒ.බී. ඩිවිලියර්ස් හැකි සෑම අවස්ථාවකිදීම ලකුණු සොයා ගියේ තමාට සිතුණු සිතුණු ආකාරයේ පහර ගසමිනි.
පන්දු 98 කට මුහුණ දුන් ඩිවිලියර්ස්, කිම්බර්ලි තරගයේදී (96) ලබාගත නොහැකි වූ ශතකය ඊයේ ලබාගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය.
පිතිකරුවන් සිය ප‍්‍රහාරාත්මක පන්දු ඕවර ඉල්ලා සිටීමට පොරතුව, හොඳ පන්දු යැවීමක යෙදුණු රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක දෙදෙනා එක්ව, ඒ වන විට යවන ලද ඕවර 11 දී දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 45 ක් පමණි.
එහෙත් 32 වැනි ඕවරයේදී ප‍්‍රහාරාත්මක ඕවර ඉල්ලා සිටි දකුණු අපි‍්‍රකානුවෝ අවසන් ඕවර 10 ලකුණු 109 ක් උදුරා ගනිමින් ලකුණු 300 කඩයිම පසකළහ.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන්ම පන්දු යැවීමට තෝරා ගත් අතර මෙම තරගය සඳහාත් ජයග‍්‍රාහී කිම්බර්ලි තරගයේ කණ්ඩායමම කැඳවා තිබිණ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උං තාම හිතන්නේ අපි තවමත් පොඩි උං කියලා
ඊළග තරගාවලියට අපෙන් සුබ පැතුම්
තියුණු ජයක් නොවෙයි කඩුළු හයක විශිෂ්ට ජයක් වෙන්න තිබුන අපේ අන්තිමට ආපු අය ඉක්මණට තරඟය අවසන් කරන්න උත්සාහ නොගත්තා නම්. හැමෝම බැලුවේ 6 ක් ගහල තරගය අවසන් කරන්න. අවසානයේදී අවස්ථාව තිබුනේ තම පළමු පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුණු සචිත්‍ර සේනානායකට..
ලංකා අවසන් තරගදෙක හොදටකරා ජය වේවා.
සචිත්‍රගේ පහර මිළ කළ හැකි ද? සිංහ පුතුන්ට, සුභ අනාගතයක්
සුබ පැතුම් කොල්ලනි
අපිට ක්‍රීඩා කරන්න බැහැ කියන්නේ කවුරුද? අවසන් තරග දෙකේම 300 ලකුණු ඉලක්කය දින්නා. දැන් කවුරුත් නැද්ද අපේ කොල්ලන්ට බණින්න
අපේ කණ්ඩායම අනර්ඝයි. ඉතා හොද පිතිකරණයක්. මේ ආකාරයෙන්ම ඊළග තරගාවලියටත් ක්‍රීඩා කරන්න කියා සුබ පතනවා. මෙය ක්‍රිකට් දේශපාලඥයන්ට හොද පිළිතුරක්
ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම ක්‍රීඩකයන්ට මාගේ සමාචාරය. ජයවේවා
අපේ කණ්ඩායමේ පෙරගමනට සුබ පැතුම් වෙනත් රටක ජීවත් වන අපට හරිම ආඩම්බරයි. අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන ඉදිරියටම යන්න සුබ පතමු
දැන් තමයි නියම කණ්ඩායමක් තෝරලා තියෙන්නේ මහේලගේ තැනට තිරිමාන්න ක්‍රීඩා කරපු එක හොදයි.
කවුරු නායකයා වුවත් ශ්‍රී ලංකා නාමය රැකගත යුතුය