IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා පිල ලකුණු 426 ක් ඉදිරියෙන්

කුමාර් සංගක්කාරගේ (108) අලංකාර ශතකය නිසා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය අවසානයේදී දෙවැනි ඉනිමේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල ලකුණු 426 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය. මන්දාලෝකය නිසා අද (28) සවස තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 256 ක් ලබා සිිටියේය. සංගක්කාර පන්දු 190 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 108 ලැබීය. ඔහු ඊයේ ලබාගත්තේ සිය 28 වැනි ටෙස්ට් ශතකයයි. ලකුණු 44 කට කඩුලූ තුනක් බිද වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වෙමින් තිලාන් සමරවීර සහ සංගක්කාර සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 94 ක සබඳතාවක් පැවැත්වුහ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් දකුණු අප‍්‍රිකානු වේග පන්දු බල ඇණියට හොඳින් මුහුණ දෙමින් මංගල ටෙස්ට් තරගයේදීම දෙවැනි අර්ධ ශතකයත් ලැබීය. 22 හැවිරිදි චන්දිමාල් පන්දු 92 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් ලබා ගත්තේය. චන්දිමාල් සහ සංගක්කාර අතර හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 104 ක සම්බන්‍ධතාව සමග ශ්‍රී ලංකා පිල ලකුණු 400 ක වාසියක් රදවා ගැනීමට සමත්විය. ඩර්බන් නුවර කිංග්ස්මේඞ් පිටියේදී සිවුවැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායමක්, තරගයක් ජය ගැනීම සඳහා රැුස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ වසර 2002 දී දකුණු අප‍්‍රිකානු පිල,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුලූ පහක් දැවී ලබාගත් ලකුණු 340 යි. දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසුව......



අදහස් (0)

ශ‍්‍රී ලංකා පිල ලකුණු 426 ක් ඉදිරියෙන්

මංචනායක-DOHA QATAR. Thursday, 29 December 2011 02:31 PM

අයෙමත් අපේ කණ්ඩායම සුපුරුදු ස්ථාවරයට ඇවිත්. වැලිකතරෙන් අපේ සුබ පැතුම්

:       0       0

රසාංග Thursday, 29 December 2011 04:30 PM

ඉතා හොදයි

:       0       0

ධම්මිකා Wednesday, 28 December 2011 11:18 PM

ශ්‍රී ලංකාවට සුබ පැතුම්

:       0       0

පාලිත Wednesday, 28 December 2011 11:39 PM

අපේ අය ආයෙමත් තම සුපුරුදු ක්‍රීඩා විලාශයට ඇවිත්. ගොඩාක් හොදයි ඉදිරියට යන්න සුබ පතමු. ජයෙන් ජය මගේ ශ්‍රී ලංකා පිලට

:       0       0

ලෙස්ලි Thursday, 29 December 2011 01:25 AM

ශ්‍රී ලංකාව ඉදිරියටම යන්න

:       0       0

මහේන් Thursday, 29 December 2011 05:40 AM

දකුණු අප්‍රිකානු කණ්ඩායමට හොද පිළිතුරක්. නියමයි

:       0       0

ජානක Thursday, 29 December 2011 01:52 PM

ශ්‍රී ලංකාවට සුබ පැතුම්. ඔහොමයන් ඔහොමයන්.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site