කුමාර් සංගක්කාරගේ (108) අලංකාර ශතකය නිසා දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය අවසානයේදී දෙවැනි ඉනිමේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල ලකුණු 426 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.
මන්දාලෝකය නිසා අද (28) සවස තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 256 ක් ලබා සිිටියේය. සංගක්කාර පන්දු 190 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 108 ලැබීය. ඔහු ඊයේ ලබාගත්තේ සිය 28 වැනි ටෙස්ට් ශතකයයි.
ලකුණු 44 කට කඩුලූ තුනක් බිද වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වෙමින් තිලාන් සමරවීර සහ සංගක්කාර සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 94 ක සබඳතාවක් පැවැත්වුහ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් දකුණු අප‍්‍රිකානු වේග පන්දු බල ඇණියට හොඳින් මුහුණ දෙමින් මංගල ටෙස්ට් තරගයේදීම දෙවැනි අර්ධ ශතකයත් ලැබීය. 22 හැවිරිදි චන්දිමාල් පන්දු 92 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් ලබා ගත්තේය.
චන්දිමාල් සහ සංගක්කාර අතර හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 104 ක සම්බන්‍ධතාව සමග ශ්‍රී ලංකා පිල ලකුණු 400 ක වාසියක් රදවා ගැනීමට සමත්විය.
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් පිටියේදී සිවුවැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායමක්, තරගයක් ජය ගැනීම සඳහා රැුස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ වසර 2002 දී දකුණු අප‍්‍රිකානු පිල, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුලූ පහක් දැවී ලබාගත් ලකුණු 340 යි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවට සුබ පැතුම්
අපේ අය ආයෙමත් තම සුපුරුදු ක්‍රීඩා විලාශයට ඇවිත්. ගොඩාක් හොදයි ඉදිරියට යන්න සුබ පතමු. ජයෙන් ජය මගේ ශ්‍රී ලංකා පිලට
ශ්රී ලංකාව ඉදිරියටම යන්න
දකුණු අප්‍රිකානු කණ්ඩායමට හොද පිළිතුරක්. නියමයි
ශ්රී ලංකාවට සුබ පැතුම්. ඔහොමයන් ඔහොමයන්.......
අයෙමත් අපේ කණ්ඩායම සුපුරුදු ස්ථාවරයට ඇවිත්. වැලිකතරෙන් අපේ සුබ පැතුම්
ඉතා හොදයි