සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වු අද (4) සවස ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 149 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ක් අතැතිව දකුණු අප‍්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 431 ක් පිටුපසින් සිටියි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වු නායක තිලකරත්න ඩිල්ෂාන් (78) සහ ළහිරු තිරිමාන්න (23) දැවී ගිය පිතිකරුවෝ වෙති. තරගය නතර කරන විට කුමාර් සංගක්කාර (නොදැවී 35) සහ මහේල ජයවර්ධන (නොදැවී 7) පන්දුවට පහර දෙමින් සිටියහ. දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලැබීය.
තරගයේ හෙට (5) තෙවැනි දිනයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පිල අද අනිවාර්යෙන්ම 600 ගහනවා
එක පන්දුවාරයකට ලකුණු පහට වැඩිෙයන් ගහන්න ෙවනවා.