සාක් තරග පරාජයෙන් පසු ජාතික පාපන්දු සංචිතය විසුරුවා හැරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එහි ප‍්‍රධාන උපදේශක ලෙස කටයුතු කළ කොරියානු ජාතික පාපන්දු පුහුණුකරු ජංග් ජුංග් මහතා පසුගිය සිකුරාදා (16) ශ්‍රී ලංකාවේ සේවයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
වසර 2006 දී ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි ජංග් ජුංග් මහතාගේ පුහුණු කිරීම් සමගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 2006 කොළඹ දී පැවැති 10 වැනි සාක් ක‍්‍රීඩා උළෙලේ පාපන්දු රිදී පදක්කම හිමි කර ගත්තේය.
විසුරුවා හරින ලද ජාතික පාපන්දු සංචිතය ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වූ අතර ජංග් ජුංග් මහතාට අමතරව එහි සහය පුහුණුකරුවෝ දෙදෙනෙක් ද කටයුතු කළහ.
නවදිල්ලි නුවර දී නිමාවට පත්වූ සාක් පාපන්දු තරගාවලියේ දී මූලික වටයෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එහිදී ජයගත හැකිවූයේ භූතානයට එරෙහිව තරගය පමණි.
මෙම තරග පරාජය ගැන නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජංග් ජුංග් මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක‍්‍රීඩකයන්ගේ දුර්වලතා සාක් තරග පරාජයට හේතු වූ බවයි.
අන්තර්ජාතික තරග අත්දැකීම් නොතිබූ නවක ක‍්‍රීඩකයන් බහුතරයක් කණ්ඩායමට ඇතුළත්වීම ද මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑමට හේතු වූ බව ඔහුගේ අදහස විය.
නවදිල්ලි පරජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළේය. ඔහුගේ ගිවිසුම් කාලය මෙම දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට ද නියමිතව තිබුණි.
මේ අතර ලබන වසරේ දී ශ්‍රී ලංකාවට ප‍්‍රධාන පෙලේ අන්තර්ජාතික තරග කිසිවක් නොමැති බැවින් ද ජාතික පාපන්දු සංචිතයේ නව තේරීම් ප‍්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.
ජංග් ජුංග්ගෙන් හිස් වූ පුහුණුකරු ධුරයට සුදුස්සෙක් තවමත් යෝජනා වී නොමැති අතර ඒ සඳහා පත්කර ගන්නේ විදේශීය පුහුණුකරුවකු ද දේශීය පුහුණුකරුවෙකු ද යන්න පිළිබඳවත් පාපන්දු සම්මේලනය අවසන් තීරණයක් ගෙන නොමැති බව පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසීය.
සාක් පාපන්දු තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 177 වැනි ස්ථානයේ පසු විය. එහෙත් දිල්ලි තරගාවලියේ පරාජයත් සමග එය තවත් පසුපසට යනු ඇතැයි ද වාර්තා වේ.
දකුණු ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කලාපයේ රටවල් අට අතරේ ශ්‍රී ලංකාව පසුවන්නේ හත් වැනි ස්ථානයේය.
වසර 2011 ට ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10 කට අධික මුදලක් වැය කළ බව ද පාපන්දු සම්මේලනය අනාවරණය කරයි.
සාක් තරගාවලියට පෙර ජාතික පාපන්දු කණ්ඩායම ඩුබායි නුවර පැවැති පුහුණු තරග සංචාරයකට ද සහභාගි විය.
මේ අතර පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට එල්ලවී තිබෙන චෝදනාවක් වන්නේ පුහුණු සංචිතයේ ඇතැම් දීමනා කපා දැමීමට පියවර ගැනීමෙන් ක‍්‍රීඩකයන් අධෛර්යට පත් වූ බවයි. සාක් තරගාවලිය දිනාගතහොත් පමණක් ඒ ගැන කතා කරමු යයි ඔහු ඒ ගැන විමසූ ක‍්‍රීඩකයන්ට ප‍්‍රකාශ කළ බවත් වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හරී
හිල්මි Monday, 19 December 2011 10:12 AM
පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපතිත් යනවද?