කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11) පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 2-1 ක විශිෂ්ට ජයක් ලැබුහ. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දෙපිලම පළමු අර්ධය අවසානයේ ගෝල ලබා ගැනීමට අපොහොසත්විය.
දෙවැනි අර්ධයේ 75 වැනි විනාඩියේදී බංග්ලාදේශ ක‍්‍රීඩිකා ඒ. මර්මා ගෝලයක් ලබාගැනීමට සමත්වුවාය. හසාරා දිල්රංගි සහ අචලා චතුරාණී 83 වැනි සහ 86 වැනි මින්තුවලදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා පිලට ජය ගෙන දුන්හ.
අවසන් පුර්ව වටයේ තරග මේ මස 14 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු තරගය පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ නේපාලය දෙවැනි අවසන් පුර්ව තරගය ආරම්භ වන්නේ එදින පස්වරු 3.30 ටය. අවසන් මහා තරගය මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.
පළමු දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේදී ශූරතාව ඉන්දියාව දිනා ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි . අපි ඉන්දියාව එක්ක අවසාන තරඟය සෙල්ලම් කරලා දිනමු හොදේ (ස)
මේකෙත් අපේ කට්ටියට අනුග්‍රහය ඉන්දියාවෙන්ද ?(ස)