කොළඹදී දැන් පැවැත්වෙන අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ජපන් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 110/8 ක තවත් විශිෂ්ට ජයක් ලැබුහ.
නේපාලය සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 127/3 ක වාර්තාගත ජයක් ලබාගත්තේය. එම ජයත් සමගින් ඊයේ පැවැති ජපන් තරගය ඉතිරිව තිබියදීම ශ‍්‍රී ලංකාව තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ මුලික වටයේ හොංකාං, ඉන්දියාව, නේපාලය සහ ජපානය යන රටවල් හතරම පරාජය කිරීමට සමත්විය.
පළමුවරට ආසියානු දැල්පන්දු තරගාවලියකට එක් වු ජපානය සමග පැවැති තරගයේදී 29/0, 27/1, 30/2 සහ 24/5 ක් ලෙස වට හතරම ශ‍්‍රී ලංකාව ජය ගත්තේය.
එහිදී සිතාරා අල්ගම උත්සාහයන් 51 කින් 47 ක් සාර්ථක කර ගැනීමට සමත්වුවාය. පාසල් ක‍්‍රීඩිකාවක් වන සිතාරා ශ‍්‍රී ලංකා පිලේ උසම ක‍්‍රීඩිකාව අතර දෙවැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩිකාවයි. ශසිකා සමරසිංහ උත්සහයන් 9 ක් ලබාගත් අතර ලෝක දැල්පන්දු ක‍්‍රීඩිකාවන් අතරින් උසින් ඉදිරියෙන්ම සිටින තර්ජනී ශිවලිංගම් උත්සහයන් 56 කින් 52 ක්ම සාර්ථක කර ගනිමින් ශ‍්‍රී ලංකා පිලේ ජය ගෙන දුන්නාය.
තර්ජනී සහ සිතාරා මේ දක්වා තරගාවලියේ ක‍්‍රීඩිකාවන් අතරින් වැඩිම ලකුණු ලාභී ක‍්‍රීඩිකාවන් දෙදෙනා ද වෙති.
ශ‍්‍රී ලංකා පිල අවසන් පුර්ව වටයේදී මැලේසියාව සමග තරග වැදීමට නියමිතය.
ප‍්‍රවීණම ක‍්‍රීඩිකාවක වන ගයත‍්‍රී ලංකාතිලක අන්තර්ජාතික දැල්පන්දු තරග 100 කට සහභාගි වු පළමු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාව වුවාය. ඇය ඊයේ සහභාගි වුයේ 101 වැනි අන්තර්ජාතික තරගයටය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මේ මස 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 10 ක් සහභාගිවී සිටියි. සිංගප්පුරුව සහ හොංකොං අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටින සෙසු රටවල් දෙක වේ. අවසන් වරට 2009 වසරේ මැලේසියාවේ පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී සිංගප්පුරුව පරදවා ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිලට මෙවර ද ශූරතාව දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් තිබෙන බව තරග ප‍්‍රතිඵල අනුව පෙන්නුම් කෙරේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.... (ස)
ආ.... කමෝන් ගර්ල්ස්. (නි)
රටටම අභිමානයක් වූ අපේ කෙල්ලන්ට ජාතියේ උපහාරය! (නි)
අනේ මන්දා මොකද කියලා, නෙට්බෝල් කියද්දී මට නම් නිදිමත හැදෙනවා. බලන්න හිතෙන්නෙම නැති ක්‍රීඩාවක් වගේම පලක් නැති ක්‍රීඩාවක් කියලයි හිතෙන්නේ. (නි)
ඇයි මේ නෙට්බෝල් වගේ අපේ කෙල්ලන්ට වොලිබෝල් ගහන්න බැරි ? මම නම් හිතන්නේ මේ නෙට්බෝල් වලට ලෝකයේ ප්‍රසිද්ධත්වයක් නැහැ. මලානික ක්‍රීඩාවක් හින්දා කවුරුත් වැඩියෙන් උනන්දු වෙන්න කැමති නැහැ කියලයි හිතෙන්නේ . කෙසේ වෙතත් එහෙම හරි අපේ කෙල්ලෝ ජයක් ලබන එක වටිනවා. (නි)
මගේ හෘදයාංගම සුභ පැතුම් අපේ කෙල්ලන්ට. (නි)
සුභ පැතුම්. ඉදිරියටම යන්න. (නි)
දැන් ඉතිං කවුරු හරි කියයි එයා නිසා දිනුවා කියලා. (නි)
සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)
කොහෙන්ද මේ කට්ටිය හොයා ගත්තේ? ඔහොම යන්කෝ. (නි)
මේ කට්ටියට ලෝක කුසලානය වුණත් ගන්න අමාරු නැහැ වගෙයි. (නි)
කප් එක ගන්න වාසනාව ලැබේවා! (නි)