IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි  ඕවරයේදී’ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූහ. ලකුණු 175 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට අවසන් පන්දුවේදී ලකුණක් පමණක් ලබාගැනීමට තිබුණ ද එහිදී ළහිරු තිරිමාන්න දුවද්දී දැවී යෑමෙන් තරග සමවිය. ලෝක කුසලාන තරගාවලියේ තරග නීති රීතිවලට අනුව තරගයක් සම වූ විට කණ්ඩායම් දෙකටම  ඕවරය බැගින් (සුපිරි  ඕවරය) හිමිවේ. ශ‍්‍රී ලංකා පිල ටිම් සවුති යැවූ සුපිරි  ඕවරයේදී ලකුණු 13 ක් රැුස්කළ අතර ලසිත් මාලිංග යැවූ සුපිරි  ඕවරයට නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. නවසීලන්තය  ඕවර 20 කදී කඩුලූ 7 ට 174 (මාටින් ගප්ටිල් 38, රොබ් නිකොල් 58, බ්‍රෙන්ඩන් මැකලම් 25, රෝස් ටේලර් 23, නුවන් කුලසේකර 33/2, අකිල ධනංජය 32/2) ශ‍්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 6 ට 174 (මහේල ජයවර්ධන 44, තිලකරත්න ඩිල්ෂාන් 76, කුමාර් සංගක්කාර 21, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 12, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 34/2)



අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති

තත්සරණි Friday, 28 September 2012 11:24 AM

අපේ සිංහයන් ගැන අපිට ආඩම්බරයා . අපේ සුපිරි කොල්ලන්ට සුපිරි ඕවරය ලබා දුන්නු එක හොඳයි..සංගා, දිල්ෂාන්, මහේල ලසිත් ඇතුළු සියල්ලන්ට සුබ පැතුම්‍‍‍..ජය වේවා (ස)

:       0       0

තරූ Friday, 28 September 2012 11:29 AM

අපේ සිංහයන්ට සුභපැතුම්! (ස)

:       0       0

අනුර Friday, 28 September 2012 11:56 AM

සුපිරි ඕවර් ඕනි නෑ , අන්තිම බෝලෙට හොඳට ගහන්න තිබුණා‍‍‍...කොහොම උනත් සුබ පැතුම් සිංහ පැටවුන්ට (ස)

:       0       0

කුරේ නාවලගේ Thursday, 27 September 2012 11:27 PM

දිගටම බැට කාපු මාලිංගගේ සුපිරි ඕවරයේ වටිනාකම පේනවා නේද? (නි)

:       0       0

ඉන්දික Friday, 28 September 2012 12:28 PM

අවසන් තරඟයත් ඔහොම ගහමු....(ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 12:30 PM

අපේ කොල්ලන්ට ජය වේවා ! (ස)

:       0       0

සුජී Friday, 28 September 2012 01:59 AM

ලාංකික කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

ජයනාත් Friday, 28 September 2012 07:10 AM

මාලිංගගේ ඕවරය සුපිරියි. ඉදිරියට යන්න සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 27 September 2012 07:30 PM

කාලෙකින් තරගයක් බැලුවා.. කලාතුරකින් දැකගන්න ලැබුණා හොද සටනක්.. සමකිරීමට ලැබීම වාසනාවක්..මහේල ඇතුළු සිංහ පවුලට ජය වේවා.!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 08:02 PM

දුවද්දී දැවීයාම් වැඩි උනා..!(නු)

:       0       0

නිරන් සෞදි Thursday, 27 September 2012 08:15 PM

සුභපැතුම් අපේ සිංහයන්ට..!(නු)

:       0       0

වරුණ Friday, 28 September 2012 09:55 AM

ලෝක කුසලානය අපේ රටට ‍දිනා දෙන්න අපේ ටීම් එකට වාසනාව ශක්තිය ධෛර්‍යය වැඩි වැඩියෙන් ලැබේවා (ස)

:       0       0

සුමේධ Thursday, 27 September 2012 09:15 PM

සටන නමි නියමයි, අපේ සිංහයින්ට සුබ පැතම් (ස)

:       0       0

රොහාන් Thursday, 27 September 2012 09:17 PM

නියමයි සිංහ පැටවුනේ (ස)

:       0       0

නෆා Friday, 28 September 2012 10:07 AM

අපේ සිංහයින්ට සුබ පැතුම් (ස)

:       0       0

පුබුදු Thursday, 27 September 2012 09:25 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා! (නි)

:       0       0

සිසිර Friday, 28 September 2012 10:13 AM

තිරිමාන්නට වඩා දිනේෂ් හිටියනම් හොඳයි නේද ? (ස)

:       0       0

සිසිර Friday, 28 September 2012 10:20 AM

මම බයේ හිටි‍යේ මාලිංගට වැදෙයි කියලා.(ස)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 09:57 PM

ගොඩ කාලෙකින් හොද තරගයක් බලන්න හම්බ වුණා. (නි)

:       0       0

අරෝෂා Friday, 28 September 2012 10:41 AM

වෙනද හය හතර වැදුනා (අ)

:       0       0

රොහාන් Thursday, 27 September 2012 10:06 PM

දිනපු එකට සුබ පැතුම් . සංගගෙන් පස්සේ එන අය මීට වඩා සැලකිලිමත්විය යුතුයි . වැරදි හදාගෙන ඉදිරියටම යන්න..(ස)

:       0       0

රෝහණ Thursday, 27 September 2012 10:12 PM

දිනුමට සුභ පැතුම්! සංගාගෙන් පසුව පැමිණෙන්නන් තව වගකීමෙන් යුතුව ක්‍රීඩා කළ යුතුයි. (නි)

:       0       0

චලන්ක Thursday, 27 September 2012 10:16 PM

කාලෙකින් තරගයක් බැලුවා. කලාතුරකින් දැකගන්න ලැබුණා හොද සටනක්. (නි)

:       0       0

අන්තෝනි Thursday, 27 September 2012 10:20 PM

ජය පෙනී පෙනී තව ටිකෙන් අපි ඉවරයි. (නි)

:       0       0

සඳරුවන් Friday, 28 September 2012 10:52 AM

දිගටම බැට කාපු මාලිංගගේ සුපිරි ඕවරයේ වටිනාකම පේනවා නේද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site