විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූහ.
ලකුණු 175 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට අවසන් පන්දුවේදී ලකුණක් පමණක් ලබාගැනීමට තිබුණ ද එහිදී ළහිරු තිරිමාන්න දුවද්දී දැවී යෑමෙන් තරග සමවිය.
ලෝක කුසලාන තරගාවලියේ තරග නීති රීතිවලට අනුව තරගයක් සම වූ විට කණ්ඩායම් දෙකටම ඕවරය බැගින් (සුපිරි ඕවරය) හිමිවේ.
ශ‍්‍රී ලංකා පිල ටිම් සවුති යැවූ සුපිරි ඕවරයේදී ලකුණු 13 ක් රැුස්කළ අතර ලසිත් මාලිංග යැවූ සුපිරි ඕවරයට නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 174 (මාටින් ගප්ටිල් 38, රොබ් නිකොල් 58, බ්‍රෙන්ඩන් මැකලම් 25, රෝස් ටේලර් 23, නුවන් කුලසේකර 33/2, අකිල ධනංජය 32/2)
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 174 (මහේල ජයවර්ධන 44, තිලකරත්න ඩිල්ෂාන් 76, කුමාර් සංගක්කාර 21, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 12, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 34/2)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික කණ්ඩායමට සුභ පැතුම්! (නි)
අපේ කොල්ලන්ට ජය වේවා ! (ස)
අවසන් තරඟයත් ඔහොම ගහමු....(ස)
සුපිරි ඕවර් ඕනි නෑ , අන්තිම බෝලෙට හොඳට ගහන්න තිබුණා...කොහොම උනත් සුබ පැතුම් සිංහ පැටවුන්ට (ස)
අපේ සිංහයන්ට සුභපැතුම්! (ස)
අපේ සිංහයන් ගැන අපිට ආඩම්බරයා . අපේ සුපිරි කොල්ලන්ට සුපිරි ඕවරය ලබා දුන්නු එක හොඳයි..සංගා, දිල්ෂාන්, මහේල ලසිත් ඇතුළු සියල්ලන්ට සුබ පැතුම්..ජය වේවා (ස)
දිගටම බැට කාපු මාලිංගගේ සුපිරි ඕවරයේ වටිනාකම පේනවා නේද?(ස)
වෙනද හය හතර වැදුනා (අ)
මම බයේ හිටියේ මාලිංගට වැදෙයි කියලා.(ස)
තිරිමාන්නට වඩා දිනේෂ් හිටියනම් හොඳයි නේද ? (ස)
අපේ සිංහයින්ට සුබ පැතුම් (ස)
ලෝක කුසලානය අපේ රටට දිනා දෙන්න අපේ ටීම් එකට වාසනාව ශක්තිය ධෛර්‍යය වැඩි වැඩියෙන් ලැබේවා (ස)
මාලිංගගේ ඕවරය සුපිරියි. ඉදිරියට යන්න සුභ පැතුම්! (නි)
කාලෙකින් තරගයක් බැලුවා.. කලාතුරකින් දැකගන්න ලැබුණා හොද සටනක්.. සමකිරීමට ලැබීම වාසනාවක්..මහේල ඇතුළු සිංහ පවුලට ජය වේවා.!(නු)
දිගටම බැට කාපු මාලිංගගේ සුපිරි ඕවරයේ වටිනාකම පේනවා නේද? (නි)
ජය පෙනී පෙනී තව ටිකෙන් අපි ඉවරයි. (නි)
කාලෙකින් තරගයක් බැලුවා. කලාතුරකින් දැකගන්න ලැබුණා හොද සටනක්. (නි)
දිනුමට සුභ පැතුම්! සංගාගෙන් පසුව පැමිණෙන්නන් තව වගකීමෙන් යුතුව ක්‍රීඩා කළ යුතුයි. (නි)
දිනපු එකට සුබ පැතුම් . සංගගෙන් පස්සේ එන අය මීට වඩා සැලකිලිමත්විය යුතුයි . වැරදි හදාගෙන ඉදිරියටම යන්න..(ස)
ගොඩ කාලෙකින් හොද තරගයක් බලන්න හම්බ වුණා. (නි)
ශ්රී ලංකා කණ්ඩායමට ජය වේවා! (නි)
නියමයි සිංහ පැටවුනේ (ස)
සටන නමි නියමයි, අපේ සිංහයින්ට සුබ පැතම් (ස)
සුභපැතුම් අපේ සිංහයන්ට..!(නු)
දුවද්දී දැවීයාම් වැඩි උනා..!(නු)