ශ්රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා පිල මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී එංගලන්ත ලකුණු 19 කින් පරාජය කරමින් තරග තුනම ජය ලබා පළමු කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල එංගලන්තය පරාජය කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට පිවිසියේය.
එංගලන්තය ලකුණු 170 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 13 කින් සම්පූර්ණ කළේ නම් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි. එංගලන්තය ඕවර 13 ට පසුව තරගය ජය ලැබුවේ නම් කොදෙව් පිල ඉවතට විසිවේ.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 169 (තිලකරත්න ඩිල්ෂාන් 16, මහේල ජයවර්ධන 42, කුමාර් සංගක්කාර 13, ඇන්ජලෝ මැතිව්ස් 28, ජීවන් මෙන්ඩිස් 18, ළහිරු තිරිමාන්න 13, තිසර පෙරේරා නොදැවී 25, ගේ‍්‍රම් ස්වෝන් 24/2, ස්ටුවට් බ්‍රෝඞ් 32/3)
එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 150 (ලූක් රයිට් 12, සමිට් පටෙල් 67, ගේ‍්‍රම් ස්වෝන් 34, ලසිත් මාලිංග 31/5, අකිල ධනංජය 26/2)
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කාණ්ඩය
රට තරග ජය පරාජ වි/තො ප‍්‍ර/ල ශු/ල/වේ
ශ‍්‍රී ලංකාව 3 3 0 0 6 0.998
බ.ඉ.කො. 3 2 1 0 4 -0.375
එංගලන්තය 3 1 2 0 2 - 0.397
නවසීලන්ත 3 0 3 0 0 -0.169
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකිල එන්ගලන්තයට ගැහුවේ හරියට පළපුරුදු ක්‍රීඩකයෙක් වගේ (නි)
අපේ කොල්ලන්ට ජය..!(නු)
වෙනදා බනින අයට ඊයේ මාලිංගගේ අගය තේරෙන්න ඇති නේද ? (ස)
ඔබ සැමට ජය පතමි. (ස)
අකිල එරංද පානදුර රජ බඩුවක් (ස)
මේ පාර කප් එක ලංකාවට ලියලා දීලා ඉවරයි (ස)
ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..!(නු)
ලසිත්, ඔබට සුභ පතනවා. ලංකා කණ්ඩායමට ඔබ ලොකු ශක්තියක්. (නි)
අපිත් නිවාඩු දාලා විනෝද වුණා. (නි)
සිංහ පුතුනේ, කුසලානය මෙහෙට ගෙනෙමු. ජය නියතයි! (නි)
මාලිංග තම හැකියාවන් බල පෙන්වා වෙඩි උණ්ඩයක් වාගේ පන්දුව යැවුවා නෙත් සිත් පිනවමින් දහසක් කෑගැහුවා අවසන් පූර්ව වටයේ මුලටම ආවා... (නි)
අකිල දනන්ජය , කොහෙන්ද හොයා ගත්තේ . මාර බුලට් එකක් ..අපේ ක්‍රිකට් අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ (ස)
ඔහොම යන්. අපේ කොල්ලන්ට ජය! (නි)
ධනාත්මකව සිතන්න. අපි අනිවාර්යයෙන්ම කප් එක ගන්නවා. (නි)
මාලිංග , දනන්ජය ඇතුළු සිංහ පැටවුන්ට මගේ සුබ පැතුම් (ස) ;
අපි දිනනවාමයි..මරු කොල්ලනේ මරු (ස)
ඉන්දියාවටත් ඔය විදියටම මාලිංග පන්දු යැව්වොත් අපි දිනනවා (ස)
ඉන්දියාව අවසන් වටයට ඇවේ නැත්නම් , මන්මෝහන් ලොක්කා අපේ ලොක්කට කෝල් කරන එකක් නෑ නේද ? (ස)