IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා පිල මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී එංගලන්ත ලකුණු 19 කින් පරාජය කරමින් තරග තුනම ජය ලබා පළමු කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකා පිල එංගලන්තය පරාජය කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට පිවිසියේය. එංගලන්තය ලකුණු 170 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 13 කින් සම්පූර්ණ කළේ නම් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි. එංගලන්තය  ඕවර 13 ට පසුව තරගය ජය ලැබුවේ නම් කොදෙව් පිල ඉවතට විසිවේ. ශ‍්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 6 ට 169 (තිලකරත්න ඩිල්ෂාන් 16, මහේල ජයවර්ධන 42, කුමාර් සංගක්කාර 13,  ඇන්ජලෝ මැතිව්ස් 28, ජීවන් මෙන්ඩිස් 18, ළහිරු තිරිමාන්න 13, තිසර පෙරේරා නොදැවී 25, ගේ‍්‍රම් ස්වෝන් 24/2, ස්ටුවට් බ්‍රෝඞ් 32/3) එංගලන්තය  ඕවර 20 කදී කඩුලූ 9 ට 150 (ලූක් රයිට් 12, සමිට් පටෙල් 67, ගේ‍්‍රම් ස්වෝන් 34, ලසිත් මාලිංග 31/5, අකිල ධනංජය 26/2) ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කාණ්ඩය රට                   තරග      ජය      පරාජ      වි/තො      ප‍්‍ර/ල      ශු/ල/වේ ශ‍්‍රී ලංකාව               3           3          0             0               6          0.998 බ.ඉ.කො.              3           2          1             0               4        -0.375 එංගලන්තය           3           1          2             0               2       - 0.397 නවසීලන්ත            3          0          3             0               0        -0.169



අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති

යොහාන් Tuesday, 02 October 2012 02:24 PM

අකිල එන්ගලන්තයට ගැහුවේ හරියට පළපුරුදු ක්‍රීඩකයෙක් වගේ (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 10:39 AM

අපේ කොල්ලන්ට ජය..!(නු)

:       0       0

අරෝෂා Tuesday, 02 October 2012 10:51 AM

වෙනදා බනින අයට ඊයේ මාලිංගගේ අගය තේරෙන්න ඇති නේද ? (ස)

:       0       0

රාජා Tuesday, 02 October 2012 11:03 AM

ඔබ සැමට ජය පතමි. (ස)

:       0       0

කුරුවිට Tuesday, 02 October 2012 03:30 PM

අකිල එරංද පානදුර රජ බඩුවක් (ස)

:       0       0

අන්ෆාස් Thursday, 04 October 2012 09:57 AM

මේ පාර කප් එක ලංකාවට ලියලා දීලා ඉවරයි (ස)

:       0       0

සම්පත් Tuesday, 02 October 2012 11:17 AM

ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

සුජී Tuesday, 02 October 2012 12:49 AM

ලසිත්, ඔබට සුභ පතනවා. ලංකා කණ්ඩායමට ඔබ ලොකු ශක්තියක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 02 October 2012 01:19 AM

අපිත් නිවාඩු දාලා විනෝද වුණා. (නි)

:       0       0

සිතාරා Tuesday, 02 October 2012 01:18 AM

සිංහ පුතුනේ, කුසලානය මෙහෙට ගෙනෙමු. ජය නියතයි! (නි)

:       0       0

ජයී තිසර Tuesday, 02 October 2012 01:52 AM

මාලිංග තම හැකියාවන් බල පෙන්වා වෙඩි උණ්ඩයක් වාගේ පන්දුව යැවුවා නෙත් සිත් පිනවමින් දහසක් කෑගැහුවා අවසන් පූර්ව වටයේ මුලටම ආවා... (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:49 PM

අකිල දනන්ජය , කොහෙන්ද හොයා ගත්තේ . මාර බුලට් එකක් ..අපේ ක්‍රිකට් අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 02 October 2012 05:57 AM

ඔහොම යන්. අපේ කොල්ලන්ට ජය! (නි)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 07:49 AM

ධනාත්මකව සිතන්න. අපි අනිවාර්යයෙන්ම කප් එක ගන්නවා. (නි)

:       0       0

විජේ Tuesday, 02 October 2012 08:52 AM

මාලිංග , දනන්ජය ඇතුළු සිංහ පැටවුන්ට මගේ සුබ පැතුම් (ස) ;

:       0       0

ඉසුරු Tuesday, 02 October 2012 08:57 AM

අපි දිනනවාමයි..මරු කොල්ලනේ මරු (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 02 October 2012 09:20 AM

ඉන්දියාවටත් ඔය විදියටම මාලිංග පන්දු යැව්වොත් අපි දිනනවා (ස)

:       0       0

නාරද Tuesday, 02 October 2012 09:36 AM

ඉන්දියාව අවසන් වටයට ඇවේ නැත්නම් , මන්මෝහන් ලොක්කා අපේ ලොක්කට කෝල් කරන එකක් නෑ නේද ? (ස)‍

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 89 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site