ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සහ ක‍්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. එසේ වුවත් මලල ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය පතිරණගේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ලන්ඩනයට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රජිව් වික‍්‍රමසිංහ මහතා ”ලංකාදීප”යට පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (4 වැනිදා) මීටර් 400 පිරිමි එක් අතක් අප‍්‍රාණික ඉසව්වේ මූලික වටයට තරග වදියි.
ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක‍්‍රීඩකයෝ දෙදෙනාත් ඊයේ මූලික වටයෙන්ම පරාජයට පත්වූහ.
ගාමිණි දිසානායක ලකුණු 6-4, 6-0 ලෙස පරාජයට පත්වූයේ ප‍්‍රංශයේ ෆ්‍රෙඞ්රික් කැතනියෝටය. දෙවැනි වටයේදී කිසිදු ලකුණක් ලබා නොදී විනාඩි 20 ක් තුළදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා පරාජය කිරීමට ප‍්‍රංශ ක‍්‍රීඩකයා සමත් විය.
ස්පාඤ්ඤ කී‍්‍රඩක ඩැනියල් ආර්සෝලාට ශ්‍රී ලංකා ටෙනිස් ක‍්‍රීඩක උපාලි රාජකරුණා පරාජය වූයේ ලකුණු 6-1, 6-2 කටය.
ටෙනිස් (පිරිමි යුගළ) ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ තරග වැදීමට නියමිතව සිටියහ.
මේ අතර මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වේ මූලික වටයේදී පරාජයට පත්වූ ප‍්‍රදීප් සංජය පතිරණගේ ක‍්‍රීඩකයන් 20 දෙනකු අතරින් 16 වැනි ස්ථානය ලබා ගත්තේ තත්පර 23.40 කටය.
ශ්‍රී ලංකා දුර පැනීමේ ක‍්‍රීඩක දුමීර මධුරංග අල්විස් මීටර 5.56 ක් දුර පනිමින් 9 වැනි ස්ථානය ලබද්දී එම ඉසව්වේ රන් පදක්කම ජර්මනියේ මාර්කස් රියම් දිනා ගත්තේ මීටර 7.35 ක දුරක් පනිමිනි.
දුමීර මධුරංග මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වටද තරග වැදුණු අතර එහිදී ඔහු 18 වැනි ස්ථානයට පත්ව සිටියේය.
මීටර 200 මූලික වටයේ හොඳම දක්‍ෂතාවය ප‍්‍රදර්ශනය කළ දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක ඔස්කා පිස්ටෝරිස් නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් තරගය තත්පර 21.30 කට නිමා කළේය.
ශ්‍රී ලංකා උස පැනීමේ ක‍්‍රීඩක ලෙස්ලි කුමාර ලියනගේ අද සිය ඉසව්වට තරගවැදීමට නියමිතය. වසර 2006 පැවැති පැරා ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ලෝඩක පදක්කමක් දිනා ගැනීම ඔහුගේ මෙතෙක් හොඳම දස්කමයි.
ශ්‍රී ලාංකික කී‍්‍රඩිකා අමරා ඉන්දුමතී කරුණාතිලක මීටර 200 කාන්තා (වැලමිටෙන් පහළ අහිමි කාණ්ඩයෙන්) තරග වැදී ක‍්‍රීඩිකාවන් 12 දෙනකු අතරින් 10 වැනි ස්ථානයට පත්වූයේ තත්පර 29.36 කටය. ඒ අනුව මූලික වටයෙන්ම ඇයටත් තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
මේ අතර ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී චීනය පෙරමුණ ගනිමින් රන් පදක්කම් 27 ක් දිනා ගනිමින් ඊයේ දිනය නිමාවන විට රටවල් 165 ක් අතරින් ඉහළම දස්කම් දක්වා තිබුණි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති
හරීන් Tuesday, 04 September 2012 09:29 AM
අපෝ වැඩක් නෑ..(ස)
වරුණ Monday, 03 September 2012 11:19 AM
ක්‍රීඩාව පසු බහිද්දි ක්‍රීඩා නිලධාරීන් පෙරටම....(ස)
චන්ද්‍රසිරි Monday, 03 September 2012 12:54 PM
උසේන් බෝල්ට්ගේ මීටර් 100ට ගත වෙච්ච කාලයයි, පැරා ඔලිම්පික් වල ගත වුණු කාලයයි අතර එච්චර වෙනසක් නැහැ. (නි)