ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පානදුර කි‍්‍රකට් සමාජයේ උප සභාපති ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා වග උත්තරකරුවන්ට මෙම මස 8 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
පානදුර කි‍්‍රකට් සමාජයේ උප සභාපති දේවප‍්‍රිය පි‍්‍රයන්ත සොයිසා මහතා විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව නම් කරනු ලැබ සිටිති.
පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.
පැමිණිලිකරු මෙවර පැවැත්වෙන ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති තනතුර ස`දහා නාමයෝජනා භාර දී ඇත. මෙම අපේ‍්‍රල් 16 වන දිනට ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය අනුව නිලවරණය පැවැත්වීමට දින 14කට පෙර තරගකරුවන් සහ සාමාජිකයින් වෙත නාමයෝජනා පත‍්‍රය සහ නොතීසි එවිය යුතු වේ.
එම නියමිත කාලය ඉක්ම ගොස් ඇතත් පැමිණිලිකරුට මෙතෙක් නොතීසි හෝ නාම යෝජනා පත‍්‍ර ලැබී නොමැත. මෙය ඍජුවම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එබැවින් මෙම 16 වන දින පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ අනුරාධ සෙනරත් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරුෂ කාලිදාස මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය වළකන වාරණ නියෝගයක් ඉල්ලයි