IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණය මෙහෙයවීමට මැතිවරණ නිලධාරීන්

මේ මස 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය මෙහෙයවීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

කි‍්‍රකට් නිලවරණයකදී මෙතෙක් කලක් පැවැති අත් ඔසවා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය වෙනුවට සංශෝධිත කී‍්‍රඩා පනත අනුව මෙම වසරේ සිට පැවැත්වෙන්නේ රහස් ඡන්දයකි.

මෙම තත්ත්වය අනුව රසාභ්‍ය භාවය රැකෙන පරිදි ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමේ වගකීමේ සිට ඡන්දය ගණන් කිරීමෙන් පසුව ප‍්‍රතිඵල නිවේදනය කිරීම දක්වා සියලූම කාර්යයන් මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පැවරෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා පැවසීය.

”වෙනකක් තියා ඡන්ද පෙට්ටි ගේන්නෙත් ඒ අයමයි” යයිද ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

වර්ෂ 1923 දී ආරම්භ කරන ලද ‘ලංකා කි‍්‍රකට් සංගමය’ 1948 දී ‘ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය’ ලෙස වෙනස් කරන ලද අතර වසර 2001 දී එය ‘ශී‍්‍ර ලංකා කි‍්‍රකට්’ ලෙස යළි නම් කරන ලදි. එදා මෙදා තුර කාලයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණයක් සඳහා මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් මැදිහත් වන්නේ පළමු වතාවටය.

වසර 1999 න් පසුව කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් වරින් වර පත්කරන ලද කි‍්‍රකට් අතුරු කමිටු කිහිපයක්ද තිබිණ.

කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා රංජනී ජයකොඩි මහත්මියගෙන් ‘ලංකාදීප’ ඊයේ (11 වැනිදා) කළ විමසීමකදී ඇය පවසා සිටියේ නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ වගකීම සහ නිදහස ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට බවයි.

”නිලවරණය පැවැත්වෙන් ස්ථානය වෙනස් කරන්න අපෙන් අවසර ඉල්ලා හිටියා. අප ඒ අවසරය ඔවුන්ට දුන්නා” යයිද ජයකොඩි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත් මීට පෙර සෑම අවස්ථාවකදීම සිදුවූ පරිදි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය නිරීක්‍ෂණය කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජිතයකු (නියෝජ්‍ය අධ්‍යක්‍ෂක අයි. පී. විජේරත්න මහතා) යොමුකර ඇති බවද කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරිය ප‍්‍රකාශ කළාය.

80 දශකයේ සිට සෑම අවස්ථාවකදීම පාහේ කි‍්‍රකට් නිලවරණය පැවැතියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදීය. එක් අවස්ථාවකදී එය කොළඹ ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදීත් පැවැත්විණ.

එහෙත් මෙවර නිලවරණය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ගෙනයාමට හේතු විමසා සිටි කල්හි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා පවසා සිටියේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණෙන 150 කට අධික කී‍්‍රඩා සමාජ නියෝජිතයන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයන් සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලූම දෙනා ඇතුළත් කිරීමට තරම් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානය ඉඩකට නොමැති බවයි.

”සංවිධාන කටයුතු වඩාත් පහසු කරගැනීම සඳහා අප එය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ගෙනයාමට තීරණය කළා” යයිද කි‍්‍රකට් ආයතනයේ වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග සභාපතිවරයා ලෙස මේ වන විටත් නිතරගයෙන් පත්වී සිටින්නේ උපාලි ධර්මදාස මහතාගේ සොහොයුරු ජයන්ත ධර්මදාස මහතාය.

 

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණය මෙහෙයවීමට මැතිවරණ නිලධාරීන්

උෂාන් Sunday, 14 April 2013 01:50 PM

පොලිසියත් දායිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජෙෆ් Sunday, 14 April 2013 02:41 PM

නිල වර්ණයට ඉදිරිපත් වෙන අය දැන්ම අදින කලිසම් වල සාක්කු දිගට, ගැබුරට මසල ඇති.(නදී)

:       0       0

යොහාන් Saturday, 13 April 2013 07:22 AM

කමිපියුටර් ජිල් මාට් එකක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

දිසානායක Sunday, 14 April 2013 08:33 AM

එහෙනම් අහන්න බලන්න දෙයක් නැහැ මහා මැතිවරණය වගේම තියේවි.(නදී)

:       0       0

සරත් Friday, 12 April 2013 09:13 PM

කන්ඩ තියනවනම් එතන පොරකෑමක්. නැත්නම් රටට හරි ආදරේ ඇති මිනිස්සු.(නදී)

:       0       0

සරත් Friday, 12 April 2013 09:13 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

බන්දුල Monday, 15 April 2013 02:38 AM

කොයි එකටත් හැමෝගෙම වත්කම් ගැන වාර්තාවක් ලබාගත්තොත් හොදයි (නි)

:       0       0

දේවින්ද Monday, 15 April 2013 03:50 AM

පොලිසියත් අත්‍යාවශ්‍යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site