ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ. කොදෙව් පිල 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.
දෙරට අතර පස්වැනි සහ අවසන් විස්සයි20 තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පෙරවරුවේ පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 101 (ස්ටෙෆෙනි ටේලර් 40, ඒෂානි ලොකුසූරිය 19/2, උදේෂිකා ප‍්‍රබෝදනී 14/2, ශෂිකලා සිරිවර්ධන 19/3)
ශ‍්‍රී ලංකා පිල ඕවර 19.3 කදී කඩුලූ 6 ට 102 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 16, නිපුනි හංසිකා 17, ශෂිකලා සිරිවර්ධන 19, දීපිකා රසාංගිකා නොදැවී 19, ස්ටෙෆෙනි ටේලර් 22/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෂිකලා වෙඩින් 1ට ඉස්සර මේ මැච් 1 දිනාගෙන යන්න (ස)
කෝකටත් තෛලේ ලොකු සූරිය තමයි (ස)
ශෂිකලා සිරිවර්ධන 19ක් දීලා, දීපුවා ඔක්කොම අරගෙන :D (ස)
දැන් වැඩක් නැහැ. එයාලා තරඟ 3ක් දිනලා ඉවරයි... (ස)
සුභපැතුම් සියලු දෙනාටම (දී)
කමක් නෑ තාම ඒ අය අලුත්නේ... තව උනන්දු වෙන්න (ස)
මම නම් හිතන් හිටියේ ලෝක කුසලානේදී ඉන්දියාවටයි , එංගලන්තෙටයි ගහපු ගැම්මෙන් ටිකක් හොඳ තත්වෙකට එයි කියලයි .. කවුෂල්‍යා නොගහුවනම් මොනවා කරන්නද? ...එත් හරි අමාරුවෙන් නේ එක තරගයක් දිනන්නේ ...ඇයි මේ කණ්ඩායම් කළමනාකාරිත්වයට කවුෂල්යව තාම මුලින් බැට් කරන්න එවන්න නොහිතන්නේ ...(නු)
ඉදිරියටම යමු ! (ස)
අපේ පිරිමි කණ්ඩායම පළමු තරග ටික දිනලා අන්තිම ඒවා පරාජය වෙනවා . කාන්ත කට්ටිය එකේ අනිත් පැත්ත ,කරනවා. පලවෙනි ටික පැරදිලා අන්තීම ඒවා තමයි දිනන්නේ . කෙසේ වෙතත් සුබ පැතුම් ඉතිරි තරගයටත් එක්කම . (නු)
මේකවත් හොදට ගහන්න බලන්න. (නි)
රටේ නම තියාගන්න බලන්න (ස)