කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගයක් ලෙස කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 9 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලට 2014 වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන වරම් අහිමිවිය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කාන්තා පිල 2014 වසරේ පැවැත්වීමට නියමිත මීළග කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නම් ලබන වසරේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජය ලැබිය යුතුය. මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය පසුවිය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 100 (ඉනෝකා ගලගෙදර 15, චමරි අතපත්තු 28, ශෂිකලා සිරිවර්ධන 23, යශෝධා මෙන්ඩිස් 10, ඩිලාන් මනෝදර 10, එක්ටා බිෂ්ට් 16/3) ඉන්දියාව ඕවර 14.4 කදී කඩුලූ 1 ට 102 (පුනාම් රවුට් නොදැවී 45, මිතාලි රාජ් නොදැවි 28)
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම 2014 විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවතට
යොහාන් Wednesday, 03 October 2012 05:54 PM
ඒකට අපි අලුත් කට්ටියක් පුරුදු කරලා ගමුකෝ. (නි)
වරුණ Thursday, 04 October 2012 07:49 AM
මේ කණ්ඩායම විසුරුවා හැරියොත් හොඳයි නේද ? ඇති වැඩක් නැනේ , දන්න කාලෙක ලකුණ 150 පන්නලා නෑ .ගම්මාන වලට ගිහින් සොයා බැලුවොත් දක්ෂයෝ හම්බෙයි (ස)
ෂිරාශ් Wednesday, 03 October 2012 06:43 PM
හොද පුවතක්. ගැහැණූ ළමයි ටික කසාද බදින්න. කසාද බැදපු අය දරු පවුල් බලාගෙන ගෙදර ඉන්න. (නි)
මුණසිංහ Wednesday, 03 October 2012 06:47 PM
මේගොල්ලො 20යි 20 මැච් ගහන්නෙත් ටෙස්ට් ගහනවා වගේනේ. (නි)
නාලක Friday, 05 October 2012 06:20 PM
හොද කෙල්ලො ටිකක් හොයා ගත්තනම් හොදයි වගේ. (නි)
මංගල Wednesday, 03 October 2012 10:34 PM
හොදයි. (නි)
කුරුව්ට Wednesday, 03 October 2012 10:43 PM
අයියෝ! අනිච්චං දුක්ඛං සංසාරේ. (නි)
චන්ද්‍රසිරි Thursday, 04 October 2012 12:11 PM
මෙයාලා ගාව තියෙන්නේ ක්‍රිකට් නෙමෙයි, ඉදිමිච්ච ඔලු විතරයි (ස)
සිල්වා Wednesday, 03 October 2012 05:09 PM
අපෝ ඇති යන්තම්. (නි)