කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැත්වෙන තරගයේදී චමරි අතපත්තු සමග ආරම්භක පිතිකාරිනිය ලෙස යශෝධා මෙන්ඩිස් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. මෙම තරගය පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිල තරගාවලියේ පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ කඩුලූ 6 කින් පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග දෙකම ජය ලැබිය යුතුය. පළමු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවුසවේ තම කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිල මීට පෙර පරාජය කර ඇති නිසා ඉදිරි තරග දෙකම ජය ලබා අවසන් පූර්ව තරගයට පැමිණීමට තම කණ්ඩායමට ආත්ම විශ්වාසය ඇති බවයි. "අතපත්තුගෙන් හොද ආරම්භයක් නොලැබීමත් සමගම අපේ පිතිකාරිනියන් දුර්වල වුණා, විශේෂයෙන්ම දුවද්දී දැවී යෑම් පහක් නිසා ඉනිම කඩා වැටුණා. ඒ තත්ත්වය වහාම වෙනස්කර ගතයුතුයි” යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසුවාය. යශෝධා මෙන්ඩිස් ප‍්‍රවේගකාරි පිතිකාරිනියක් ලෙස පසුගිය වසරකට අධික කාලයක් ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිනිය ලෙස දස්කම් දැක්වුවද තේරීම් තරගවලදී දස්කම් නොදැක්වූයේ යැයි පවසමින් කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව ඇයට සංචිතයේ ස්ථානය අහිමි කළේය. ශ‍්‍රී ලංකා සංචිතය නියෝජනය කළ නිලක්‍ෂි සිල්වා බෝවන රෝගයක් වැළදීමෙන් මේ වන විට සංචිතයෙන් ඉවත්ව ඇති අතර එම ස්ථානයට යශෝධා මෙන්ඩිස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණ කමිටුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ. මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා පැවසුවේ නිලක්‍ෂි බෝවන රෝගයකින් පෙළෙන බව පෙරේදා (26) රාත‍්‍රි දැනගත් වාහාම ඇය නිවසට යැවීමට කටයුතු කළ බවත් සෙසු ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කළ බවත්ය. -ආදේශක ක‍්‍රීඩිකාව ලෙස යශෝධා සංචිතයට ඇතුළත් කිරීමට අයි.සී.සී. යෙන් අවසර ඉල්ලූවා, මේ දක්වා අවසර ලැබී නෑ. මම හිතනවා රාත‍්‍රි වන විට අවසර ලැබෙයි කියලා” යැයි අරූස් මහතා ඊයේ (27) පස්වරුවේ ලංකාදීපයට පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා - කොදෙව් කාන්තා තරගය අද:
වරුණ Friday, 28 September 2012 11:08 AM
අදත් කෑමක් සෙට් වෙයිද ? (ස)
චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:06 PM
මීට කලින් පරාජය කරලා තියෙන නිසා අදත් පරාජය කරන්න හැකිවේවි (ස)