IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමට මා සූදානම්

විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට සමබර කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ එස්.එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වූ බව ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. සිවුවැනි විස්සයි-20 තරගාවලිය මේ මස 18 වැනිදා හම්බන්තොටදී ආරම්භ වෙයි. මෙම තරගාවලිය සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍යහමුවේදී ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙසේ අදහස් දැක්වූහ. ‘‘වර්ෂාව හේතුවෙන් අපතේ ගිය පුහුණු අවස්ථාවන් එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා ආවරණය කර ගැනීමට හැකියා ලැබුණා. අපි සතුව ශක්තිමක් පන්දු යැවීමේ බලයක් ඉන්නවා, ඒ වගේම අංක හත පිතිකරු දක්වා සියලූ දෙනාම එකවගේ දක්‍ෂයි, ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ යැයි මැතිව්ස් පැවසීය. පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කිරීමේ හැකියාවක් තිබේ යැයි මැතිව්ස් සිතන්නේ ද යන ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය. ‘‘පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් යැයි මමත් හිතනවා. නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව මා  ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කිරීමට සූදානම්. මම උප නායකත්වය ගැන වැඩිය හිතන්නේ නෑ, සාමාන්‍ය විදියට ක‍්‍රීඩා කරනවා’’



අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමට මා සූදානම්

චන්ද්‍රසිරි Thursday, 13 September 2012 01:11 PM

කාටවත් පරදින්න එපා..... (ස)

:       0       0

නිශාන්ත Wednesday, 12 September 2012 03:47 PM

ජයවේවා නියමයි

:       0       0

සිසිර කුමාර Wednesday, 12 September 2012 11:07 AM

කතා කරන්න නම් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. ඒත් ගහන්න ගියහම තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 12 September 2012 04:48 PM

ලංකාව මේ පාර කප් එක ගන්නවා. ඒක ෂුවර්. (නි)

:       0       0

ගයාන් Wednesday, 12 September 2012 12:25 PM

අපි කොහොම හරි කප් එක ගනිමු.... සුභ පැතුම් (ස)

:       0       0

කුමාර සිරි Wednesday, 12 September 2012 12:48 PM

අභිමානය මගේ රටේදි අපි අපේ කරගමු .ජය ශ්‍රී කොල්ලනේ...(ස)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 11 September 2012 11:22 PM

ඕනෑම දෙයක් කියන්න. හැබැයි අපිට ඕනෑ කප් එක. (නි)

:       0       0

වෙනුර Tuesday, 11 September 2012 11:23 PM

තරගයෙන් තරගයට වෙනස් සැළසුම් යෙදිය යුතුයි. අපට ජය නියතයි. (නි)

:       0       0

සමන් Tuesday, 11 September 2012 11:46 PM

එස්.එල්.පී.එල්. අන්තිම තරගය ගැහුවා වගේ බය නැතුව ගහපන් කොල්ලෝ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 01:04 PM

අපේ රටේ තරගයක් තියෙද්දී 40%ක් අපිට වාසි පැත්ත තියෙනවා. කප් එක අපිට ගන්න පුලුවන්. (නි)

:       0       0

මේනක Wednesday, 12 September 2012 12:03 AM

ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

අසින්ත Wednesday, 12 September 2012 06:44 PM

මොකාට පැරදුණත් කමක් නැහැ. ඉන්දියාවට නම් පරදින්න නම් එපා. (නි)

:       0       0

සමීර Wednesday, 12 September 2012 01:50 PM

ජය නියතයි කොල්ලනේ ..!!

:       0       0

ගයාන් පෙරේරා Wednesday, 12 September 2012 07:48 PM

දෙයියනේ කියල තිසරවයි, මුණවීරවයි ඕපන් දාන්න. අනිවාර්යෙන්ම ටී20 කප් එක ලංකාවට තමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 07:42 AM

හැබැයි ඔන්න අවසන් තරගයට ගියහම අසනීපයි කියන්න එහෙම ඔට්ටු නැහැ හොදේ. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 12 September 2012 02:42 PM

අපි ජය ගමු. (නි)

:       0       0

සේනාධී Wednesday, 12 September 2012 09:21 PM

ඔබ දක්ෂයි කියන එකකේ විවාදයක් නැහැ. හැබැයි කියන තරම්ම සමබර කණ්ඩායමක් ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොමහරි කප් එක ගන්න. සුභ පැතුම්! (නි)

:       0       0

විකී Thursday, 13 September 2012 12:48 PM

අසින්ත කියන දේ නම් සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site