මෙම මස අගදී ආරම්භ වන දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා නම් කර ඇති ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායකත්වයට ශ‍්‍රී ලංකා එක්දින පිල නියෝජනය කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කර ඇති බව වාර්තාවේ. යොවුන් පිතිකරු කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්ට උප නායකත්වය හිමිව තිබේ. සිවුදින තරග සහ එක්දින තරග සදහා සංචිත දෙකක් නම් කර ඇති බවත් එම සංචිත දෙකට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් රැුසක් ඇතුළත්ව සිටින බවත් වාර්තා වේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බිට සංචිත දෙකේම ස්ථාන අහිමිවී ඇති බව වාර්තා වේ. මෙම සංචරයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව සිවුදින තරග දෙකකට සහ තුන්දින තරගයකට ද, සිම්බාබ්වේ සහ දකුණු අප‍්‍රිකාව සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියකට ද, සහභාගි වීමට නියමිතය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමුත් කැප්ටන් වුණ එක ගොඩක් හොඳයි....
මෙයා අපේ ටීම් එකට දාන්න ඕනි ඒ වගේම දිගටම තියාගන්න ඕනි...