ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බි‍්‍රස්බේන්හි අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 7 කින් ඇෆ්ගනිස්තාන් පිල පරාජය කිරීමට සමත්විය. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගි වු කණ්ඩායම් 16 න් නව වැනි ස්ථානය ලැබීය. තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 87 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය. ඇෆ්ගනිස්තාන් යොවුන් පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 194 (ජාවඞ් අහ්මඩි 23, හස්මතුල්ලා සායිදි 27, මොහිබුල්ලා පාක් 44, ළහිරු මධුෂංක 34/3, අමිල අපොන්සු 19/2) ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 39 කදී කඩුලූ 3 ට 196 (පබසර වඩුගේ 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල නොදැවී 76, ඇන්ජලෝ ජයසිංහ 23, සඳුන් වීරක්කොඩි නොදැවී 23)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්..! මොනව උනත් කණ්ඩායම තෝරාගැනීමේදී පරිපාලනය මීට වඩා නිවැරදි සහ ක්‍රමානුකූල වුනානම් අපිට මීට වඩා ඉහළ තැනකට එන්න තිබුණ. දරුවො කවුරුත් ආසයි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න. නමුත් ඒ සඳහා තෝරාගත යුත්තේ හොඳම කණ්ඩායමයි...!! ඊළඟ පාරවත් බලමු...!!! (ස)
එහෙනම් යනකොට කිවුවේ සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා? (නි)
අකිල වගේ ක්‍රීඩකයෝ දාලා ගියාම ඔහොම වෙනවා...(ස)