මේ දින වල මැලේයාසියාවේදී පැවැත්වෙන 9 වැනි තුංකු ජෆාර් කුසලාන 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේදී මැලේයාසියානු පිල කඩුලූ 5 කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා අවුරුදු 15 පිලේ කවිඳු මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේදීත් මැලේසියානු පිලටම එරෙහිව තරග කරයි. මෙම තරගය අද (12 වැනිදා) පැවැත්වීමට නියමිතය.
පළමු වටයේ අවසන් තරගයේ කෙටි ලකුණ පුවරුව
මැලේයාසියාව ඕවර 28 කදී සියලූ දෙනා දැවී 90
(සවොන්දර් සිං 28, ටිරෝන් ශිවකුමාර් 15/2, නිදුක වැලිකල 16/2, නිපුන් ලක්ෂාන් 16/2, සම්මු අශාන් 21/2)
ශ්‍රී ලංකාව පිල ඕවර 27 කදී කඩුලූ 5 ක් දැවී 91
(කවිඳු මෙන්ඩිස් 40, කවීශ දිල්රංග 14, අවිෂ්ක ප‍්‍රනාන්දු 14, ස්ලාම් මහේන්ද්‍රන් 17/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd