ශාන්ත එව්ජින් සංගමය විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක‍්‍රීඩා සමාජයීය පැසිපන්දු තරගමාලාව මේ මස 26 වැනිදා සිට 27 දක්වා තෙදිනක් බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථාන පැසිපන්දු කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියට පිරිමි කණ්ඩායම් 20 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගිවෙති. අන්තර් පාසල් වයස 16 න් පහළ (බාලක) තරගාවලියක් ද මෙවර තරගමාලාවට අලූතින්ම එක්වීම නිසා දින තුනක් දක්වා තරගාවලිය පැවැත්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ පැවැති තරගාවලියේදී මොරටුව විශ්ව විද්‍යාලය විසින් පිරිමි ශූරතාව දිනා ගන්නා ලදි. පසුගිය වසරේ කාන්තා ශූරතාව ට‍්‍රැක් මාස්ටර් කී‍්‍රඩා සමාජයට හිමිවිය. ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන මෙම තරගාවලියට සුජාන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අනුග‍්‍රහය දක්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු කණ්ඩායම් වලට සුබ පතමි. ජේසු පිහිටයි. (නි)