(ඉන්දිකා රාමනායක)
ජාතික පොලිස් කොමිසමේ නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (07) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩතහනමට ලක්කර ඇත.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකතන සංවාදයක් මුල්කරගෙන මෙම වැඩතහනම කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත එන් වීරසිංහ මහතා පැවසීය.
මෙම දුරකතන සංවාදය හරහා ශානි අබේසේකර මහතා පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.
ශානි අබේසේකර මහතා 2017 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් පත් කර තිබුණි.
එම කාලය තුළ රෝයල් පාර්ක් ඝාතනය , අගුලාන ද්විත්ව ඝාතනය , උඩතලවින්න ඝාතනය , මොහොමඩ් සියාම් ඝාතනය , කෝටි දෙකේ මංකොල්ලය , යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය , සේයා සදෙව්මි දැරියගේ ඝාතනය ශානි අබේසේකර මහතා විසින් මෙහෙයවා තිබූ ප්‍රසිද්ධ විමර්ශන වලින් කිහිපයකි.
මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම , ලසන්ත වික්‍රමතුංග ඝාතනය , කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම මෙන්ම රතු පස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය සිදුකර තිබුණි.
මෙම වැඩතහනම් ඇතුළත් නියෝගය අද පස්වරුවේ ශානි අබේසේකර මහතා වෙත යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය රජය සමයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ පක්ෂග්රාහීව සිදුකර ඇති බවට එල්ල වු චෝදනා මත පොලිස් ජාතික පොලිස් කොමිසම විමර්ශනයටක් ආරම්භ කර එම විමර්ශනයට අදාලව ශානි අබේසේකර මහතා ඉකුත් වසරේ නොවැම්බර් මස ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් මාරුකර යවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි කාගේවත් වළං හෝදන්න ගියා.............
හිරේ ඉන්න එක්තරා මිනීමැරුමකට සම්බන්ධ පුද්ගලයකු නිදහස් කරගැනීමේ නාටකයේ පළමු ජවනිකාව මෙසේ ආරම්භ කරනු ලබයි..
යහපාලන රජය ආරක්ෂක අංශවලින් පළිගන්නවා කියලා කියපු මේ ආණ්ඩුවත් දැන් කරන්නේ ඒකම නේද?
දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ පළමු අදියර............... 69 ලක්ෂයට ජයවේවා !!!
ශානි කියන්නේ දක්ෂයෙක්. ඒත් ඔහු දේශපාලුවන්ගේ අතකොළුවක් වෙලා අනාගෙන සී.අයි.ඩී එකත් නැති කළා. දුමින්ද සිල්වා විතරක් නෙවේ. වාස් ගුණවර්ධනට මරණ දඩුවම ලැබීමත් සැකසහිතයි. මේ නඩු නැවත ඇසිය යුතුයි.
මෙම අදහස් දැක්වීම් වල Like, Unlike බොත්තම් මගින් IP address එකකින් එක් වතාවක් පමණක් ප්‍රතිචාර දැක්විය හැකි පරිදි සකස් කළ යුතුයි. ඉහත අසාමාන්‍ය unlike ප්‍රමාණය වැරදි නිගමන ලබා දේ.
එම හඬපටිවල හොඳින්ම සඳහන්වෙනවා මේ නිලධාරීන්ගේ දූෂිත බව. පක්ෂග්රාහි බව... ඒ වගේම, ලංකාවේ පොලිසියේ නිරුවත හොඳින්ම පේනවා. මෙවැනි දූෂිත නිලධාරීන් නිදහස් තමයි. දේශපාලකයන් ඕනෑම හොරවැඩක් කරලා බේරෙන්නේ. මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ... ඉන්න අනෙක් නිලධාරීන්ටත් පාඩමක් වෙන්න. තමන්ගේ රාජකාරිය හරියට කළානම්.... කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ.
හඬපට වල තියෙන්නේ මෙම සැකකරුවන්ගේම කටහඬවල්මද කියලා හොයලා බලන්නේ නැතුව කොහොමද මේ වගේ චෝදනා ඉදිරිපත් කරන්නේ? එක සැරයක් කුමාරයෙක් කියලා කෙනෙක් එළියට දමපු හඬ පටවල කටහඬ පරීක්ෂා කරන්න අදාල නිලධාරීන්ට යොමු කළා. මේක එහෙම නැහැ. කෙලින්ම ආණ්ඩු පක්ෂයේ කට්ටිය තීන්දු කරලත් අවසන්... අහෝ නීතිය. යුක්තිය නුඹ කොහිද?
දැන් තිබෙන්නේ අහවලාගේ ගෙදර කුස්සියේ වළං හෝදන්න. එකම වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනවා. පොලිස් දෙපාර්තමේන්තුවටම අවනම්බුවක්...