ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම උසස්වීම ලබා දී ඇත්තේ 2016 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය. අබේසේකර මහතාට භාෂා ප්‍රවීණත්වය සම්පූර්ණ කිරීම සඳහා 2018 දෙසැම්බර් 31 වැනිදා තෙක් කාලය ලබා දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය ආදී සිදුවීම්වල විමර්ශන කරන ලද්දේ අබේසේකර මහතාගේ මෙහෙයවීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට අතිමහත් සේවයක් කරපු බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට අරගෙන, ඇප දීමට විරුද්ධ වෙමින් අවුරුදු ගණනාවක් ඒ මිනිසුන්ව රිමාන්ඩ් බාරයේ තැබීමෙන් අපිට බොහෝ දේ මොහු ගැන ඔප්පුවුණා (නි)
මොහු දක්ෂ, අවංක නිලධාරියෙක්. (නි)
මෙය හොඳ ඉදිරි පියවරක් (නි)
පොලිසියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හිටපු හොරු, භාණ්ඩාගාර බිල්පත් වංචාව වැනි දේවල් වලින් රටට අහිමිවූ මුදල් ටික සොයා දීමයි. (ර)
අබේසේකර මැතිතුමනි ඔබතුමාට ජයෙන් ජයම වේවා. අනේ අපටත් පිහිටවෙන්න. (ර)
මේ මහතා පරීක්ෂණ පවත්වන හැටි ගැන හොයල බලන්න කව්රුත් නැද්ද? (ර)
ඔබ දක්ෂයෙක් විදියට පිළිගන්නවා. එ්ත් ඔබේ පරීක්ෂණ වලින් හොරු, අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගෙනඒමේ යම් යම් අඩුපාඩු දකිනවා. දේශපාලනයෙන් තොර, ඔබේ දක්ෂතාවයෙන් ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනය කරනවා. (නි)
රටට වැඩක් කිරීමට හැකි වේවා.! (ර)
ඊ ළඟ ප්‍රොමෝෂන් එක අපායට තමයි.(අ)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරපු හොරු අල්ල ගන්න බැරිකම නෙමෙයි තියෙන්නේ.ඒ සදහා සම්පුර්ණ බලය නොදෙන එකයි ප්‍රශ්නේ. (අ)
සරණපාල මහත්තයෝ, මොහු සාමාන්‍යයෙන් කවුරුත් කියන්නේ බොහොම දක්ෂ නිලධාරියෙක් කියලයි. මෙයා තමයි, වාස් මහත්තයවත් කොටු කර ගත්තේ! (අ)
ශානි අබේසේකර මහතාණෙනි..! ඔබගේ දක්ෂ භාවය,සෘජු භාවය, නිර්භීත භාවය ප්‍රශංසණීයයි. මේ ඔබට හිමිවිය යුතුම උසස්වීමක් මෙන්ම ඔබවැනි නිළධාරින් මාගේ ලක්මැණියන්ට ආඩම්බරයකි. ඔබගේ සේවය රටට අත්‍යාවශ්‍යයයි, නිදුක් නීරෝගි භාවය සමග සුභ ගමන්. තෙරුවන් සරණයි..!!! (අ)
මේ අාරංචියට කිපෙන හොරු නරක විදියේ ප්‍රතිචාර දමනවා නිසැකවම (අ)
පොලිසියට ගෞරවය ගෙනා නිළධාරියෙක්. පොලීසියට සමාජයේ යහ පැවැත්ම රැකදීමට මෙහෙයක් කළහැකි බව ලොවට ඔප්පු කල නිලධාරියෙක්. (අ)
රොකි ,ඒ වුණාට මෙයාට තමන්ගේ ලේලිට අතවර කරපු එකා අල්ලන්න බැරි වුණා (අ)
අප ඔබ ගැන හොඳින් දන්නවා. ඔබට තව තවත් දේශපාලකයන්ට යටනොවී ඉදිරියටත් ගුණාත්මක සේවයක් ලබාදෙන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. අපේ සුබ පැතුම්. (නි)
නියමයි ශානි මහත්තයෝ!
මේක මීට කලින් එතුමාට ලැබිය යුතුව තිබුනේ. අබේසේකර මහතා පොලිසියට ගෞරවයක්, ආඩම්බරයක්. රේගුවේ සුජිත් පෙරේරා මිනීමැරුම සාර්ථක ලෙස අධිකරණයට ගෙනාවෙත් එතුමා. ශානි කියන නම අහනකොටත් අපරාධකාරයෝ වෙවුලා ගිය උදාහරණ මං අහලා තියෙනවා. එතුමාට ජය පතමි. (නි)