කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ හෙට (10 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.
කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී අද (9 වැනිද) පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලැබූ අතර වෙස්ලි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරමිනි.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇතිකරවමින් දක්ෂ පිතිහරඹයක නියැලූණ ජනිත් ලියනගේ පන්දු 59 කින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.
හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වෙස්ලි විදුහලේ සචින් ජයවර්ධන (37) සහ ශරික එදිරිදීර (35) ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රාහී බලාපොරොත්තු සුන් කරමින් පන්දු 8 ක් ඉතිරිව තිබියදීම තම පිල ජයටැඹ වෙත කැඳවාගෙන යාමට සමත්වූහ.
ශා. සෙබස්තියන් - වේල්ස් කුමර තරගය
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 146
(අනුක් ප‍්‍රනාන්දු නොදැවී 36, සංගීත් කුරේ 33, ශාන් ප‍්‍රනාන්දු 32, සචින්ත ෆොන්සේකා 16, සමිත් සිල්වා 12, ශෙනාල් ද සිල්වා 24/3)
වේල්ස් කුමර විදුහල ඕවර 17.1 කදී සියලූදෙනා දැවී ලකුණු 105
(අශේන් මෙන්ඩිස් 31, ශානුක දුලාජ් 16, ගයාන් චාමර 13, සුචිර ප‍්‍රනාන්දු 10, සංගීත් කුරේ 16/3, විසල් සේනානායක 18/2, කුසල් ලක්තිලින 28/2)
වෙස්ලි - ශා. පීතර තරගය
ශාන්ත පීතර විදුහල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 158
(ජනිත් ලියනගේ නොදැවී 99, දුශාන් හේමන්ත 22, ජොනතන් කදිරමානපුල්ලේ 20/3, සචින් ජයවර්ධන 30/2)
වෙස්ලි විදුහල ඕවර 18.4 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 161
(සචින් ජයවර්ධන නොදැවී 37, ශරික එදිරිදීර නොදැවී 35, දිනුක ජයසිංහ 32, අශේල් කාරියවසම් 19, මිගාර වික‍්‍රමසිංහ 17, සහන් නානායක්කාර 17/4)
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශා. සෙබස්තියන් - වෙස්ලි අවසන් තරගයට එති
ධනුෂ්ක Wednesday, 10 April 2013 12:43 PM
මොරටුව මොරටුව එය නොමෙකෙන නම ලක්මව සැරසුව, මොරටුව අපේ ගම ශාන්ත සෙබස්තියන් විදුහලට මාගේ උණුසුම් සුබ පැතුම්..!(නදී)