
(සංජීව බන්ඩාර,අයි.ආර්. ඉන්දික සහ කේ.ඩී.දේවප්‍රිය)
යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී යුද හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද පෙරවරුවෙි සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.
සොයාගත් අවි ආයුධ අතර, ටී 56 ගිනි අවි සදහා යොදන ටී 56 උන්ඩ ඇතුළත් මැගසින් 214ක්,LMG ඩ්‍රම්ස් මැගසින් 38ක්,MPMG 200 ගිණි අවි සදහා යොදන උන්ඩ ඇතුළත් මැගසින් 11ක්,MPMG මැගසීන් 09ක්, ටී 81 ගිණි අවි සදහා යොදන, උන්ඩ ඇතුලත් මැගසින් 06ක් හා ගුවන් යානා නාශක අවි වලට යොදන 12.7 උන්ඩ 100ක් ඇතුළත් ඩ්‍රම්ස් 01ක් වන බව අනාවරණය වී තිබේ.
වෙහෙරගල ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයකු, මෙම අවි ආයුධ වැවෙි වැව් බැම්මේ රළ පනාව අතර තැනින් තැන විසිරි ඇති අයුරු දැක, මෙි පිලිබදව සෙල්ලකතරගම යුද හමුදා නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු, එම කදවුරේ යුදහමුදා නිළධාරින් හා ගෝනගංආර පොලිසිය එකතුව මෙම ආයුධ තොගය සොයාගෙන තිබෙි.
මෙි වනවිට සොයාගත් අවි ආයුධවලට වඩා වැඩි ප්‍රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවෙි පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවෙි කිමිදුම්කරුවන් යොදා මෙි පිලිබදව තවදුරටත් සොයා බැලීමට අදහස් කරන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙහෙරගල ජලාශයෙන් උණ්ඩ මතුවේ
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 01 October 2025 03:42 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැද්ද?
මංබයියාWednesday, 01 October 2025 04:37 PM
බංකු නැතුව ආරක්ෂාව ගැන ඉගෙනගත්තු අපේ යාලුවන්ගේ වැඩ කොහොමද?
222222222v Wednesday, 01 October 2025 06:21 PM
කජ්ජගෙ ඒවද, පුහුලමේ ඒවද, නැත්තං .....ඒවද?