(අංජුල මහික වීරරත්න)

අවදානමක් දරාගෙන කරන වෙනසක් හමුවේ තම තනතුර අහිමි වෙනවා නම් පිටත් වී යන්නට ලෑස්ති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නීතිඥ සංගමය මතුකළ කරුණු වලට පිළිතුරු වශයෙනි.

අවදානමක් දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියා  විශ්වාස නොකරන බව කී ජනාධිපතිවරයා ඒ නිසා අවදානම ගන්න සූදානම් බව සඳහන් කළේය.

 අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්  ඒක ඉතා හොඳින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒ්කට මම සූදානම්" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

"හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ, බුද්ධි අංශයට. ම‌ගේ ආරක්ෂාවට වග කියන්නේ, කවුද? ඒත් පරීක්ෂණ යනවානේ? ඒ තුළ ජීවිත අවදානම තියෙනවා කියලා මම දන්නවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.