
(නිමල කොඩිතුවක්කු)
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 253ක් සහ භෞත චිකිත්සක 139ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය 2026 ජුලි 24වන දින අංක 2499 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති අතර එම නිවේදනයට අනුව සුදුසුකම් සපුරනු ලබන සියලුම අයදුම්කරුවන් තම අයදුම්පත් 2026 අගෝස්තු 07වන දිනට පෙර අධ්යක්ෂ, පාලන (2), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 106, ඩඩ්ලි සේනානායක මාවත, කොළඹ 08 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවේ කාලය මාස 6ක් වන අතර එම කාල සීමාව තුළ පුහුණු දීමනාව හා ජීවන වියදම් දීමනාව ඇතුළුව රුපියල් 61,986.00 ක දීමනාවක් පුහුණුලාභීන්ට මෙම වර්ෂයේ දී හිමිවේ.
පුහුණුවෙන් අනතුරුව ස්ථිර පත්වීම් පිරිනැමීමේ දී මුලික වැටුප සමඟ ජීවන වියදම් දීමනාව ඇතුළත්ව ආරම්භක අවස්ථාවේ දී රුපියල් 71,920ක වැටුපක් 2027 වර්ෂයේ දී පත්වීම්ලාභීන්ට හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd