
(නිමල කොඩිතුවක්කු)
අනුර කුමාර දිසානායක ප්රමුඛ මාලිමා රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස අධිකරණය, විධායකයේ අතකොළුවක් බවට පත් කිරීමට නොවේ යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රට තුළ ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය, තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹදී මාධය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන අධිකරණය යන කුළුණ විනාශ කරමින් මේ වන විට ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් බවත් ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙදිරිගාන්න එපා කිව්වනෙ. කෙඳිරිය අදෝනාවක් වෙලා දැන්.
මොනවද මේ මනුස්සය කියවන්නෙ, කට අැරියොත් කියන්නෙ බොරු,
හොරුන්ව හිරේ දාන්න එකක් ලැබුණා. මේ ඒකට පියවරක්.
එහෙනං මොකට අත තියන්නද කියල ඔබතුමාම කියන්නකෝ ...
පියානොගෙ කාලයෙ තමයි විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා බෞද්ධයන් 65000ක් සමූලඝාතනය කලෙ,,,තවම මෙ ආණ්ඩුව දසමයක් වත් විධායක බලතල ක්‍රියාවට නංවලා නෑ,,ඒකයි තවමත් ඔය හොරු එළියෙ සැණකෙලි දාන්නේ.
ජනවරම ලැබුණේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබූ සියලුම දේවල් වලට. SJB එකේ එහෙම නැතුව ඇති, නමුත් NPP තිබුණා. ඒක නිසා ආණ්ඩුව ජනතාවට වූ පොරොන්දු ඉෂ්ට කළ යුතුයි.