(ඉන්දිකා රාමනායක)
අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි (42) වූ අයකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවස පිටුපස දිය නාමින් සිටියදී පැමිණ ඇති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩික්කරු සහ මෙම පුද්ගලයා අතර ඇති වූ ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7) පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd