IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා අද (7) පස්වරුවේ පැවසීය.  

සියලුම විශ්වවිද්‍යාලවල පැවැත්වීමට නියමිත තිබූ විභාග දින නියමයක් නොමැතිව කල්දැමූ බවත් ඊට අමතරව විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඒ මහතා කීය.

පිළිකා සහ තයිරොයිඩ් ආදි හැකි ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු රෝග සම්බන්ධ පරීක්‍ෂණ විශ්වවිද්‍යාල පරීක්‍ෂණාගාර තුළ වන බවත් එවැනි දේවල් නැතර වීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් ප්‍රියන්ත මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදඟා වන අත්පොත සකස් කරමින් තිබුණ ද මේ වන විට එය සකස් කිරීමේ කටයුතු ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප්‍රමාද වියහැකි බවත් ඔහු කීය.

විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම තිබුණ හොත් ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටින බව කී ධම්මික එස්. ප්‍රියන්ත මහතා එම තත්වය මත විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීම ද සිදුනොවන බව ද සඳහන් කළේය.  

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් සහ උප ලේකම් යන කාර්යාල ද වසා ඇති බවත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද වැඩවර්ජනයක නිරතව සිටීම නිසා ලේඛකාධිකාරී කාර්යල පවා වසා ඇති බවත් ඒ මහතා කීය.

විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව හෙට (8) තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ බවත් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි

tissa Tuesday, 07 May 2024 06:21 PM

අනුර මහත්තයට මේවා ඔක්කොම නවත්වන්ට පුළුවන්ලු.

:       2       0

M.Dharmsiri Tuesday, 07 May 2024 08:54 PM

මෙච්චර රට උවදුරකට පත්වෙලා තියෙද්දි දින 365යේම පාරෙ උද්ඝෝෂණ කරන්න රජය විසින් මෙවා පවත්වාගෙන යා යුතුද යන්න නිකමට හිතෙනවා .

:       2       2

මුදළිහාමි Wednesday, 08 May 2024 06:17 AM

දෙගොල්ලම අවුරුදු 75 ක් පාලනය කලා කිව්වට රට අගාධයකට වැටීමට මේවා ප්‍රබලම හේතුවක් වෙනවා 53 හර්තාලය ,71 කැරැල්ල ,87-89 කැරැල්ල හා පචමහා බලවේගය නිසා ඇතිවූ අවුරුදු තිහක යුද්ධය එක් අතකින්ද අනෙක් අතින් මෙවැනි උද්ඝෝෂණ වර්ජන හා තර්ජන කිරීම්ද රටේ සංවර්ධනය අඩාල වීමට හේතුවක් වුනා කියලා පැහැදිලියි මේවාට රජයේ ආයතන සදහා බදවා ගැනීමේ පරිපාටි හදද්දී තියෙන අඩුපාඩු නිසා මේවා වෙනවා ඔය කවුරුහෝ ඔය තනතුරු සදහා බලෙන් අරගෙන නැහැ දස අතේ වැදවැටී සේවය සදහා ගියාට පස්සෙ කරන දේවල් තමා .එනිසා දැන්වත් මෙහෙම දේවල් නොවන ආකාරයට බදවා ගැනීමේ පරිපාටි සැකසීම නොපමාව කරන්න ඕන පාවෙන ඡන්ද දායකයින් පිරිසක් ඊළඟට මාලිමාව ගේන්න උනන්දුවක් තියෙනවා එහෙම ආවොත් නම් මෝල් කාන්ති තියරිය අනුව උන්ගෙ ගම්වල සාමාජිකයන්ට නීති සැකසීම නීති ක්‍රියාත්මක කිරීම හා දඩුවම් පැනවීමේ අයිති ලැබෙන නිසා මේවාටත් මොනවාහරි මර්දන කටයුතු නොකරයි කියලා හිතන්න බැහැ

:       2       4

senaWednesday, 08 May 2024 01:03 PM

මහ දවල් මහ බැංකුව හොරා කාපු එක, කොමිස් ගහන්නම බලාගෙන ගිනිපොලියට ණය අරගෙන ජාතියට වැඩක් නැති නාස්තිකාර වියදම් කරපු එක. ලාභ ලබන රාජ්‍ය මර්මස්තාන විකුනන එක ආදී මෙකී නොකී දහසක් රටට විනාශ කාරී වැඩ ගැන මුදලිහාමි අදහස මොකක්ද??

:       1       1

kalinga gananath Wednesday, 08 May 2024 06:35 AM

එය නම් විශාල අපරාධයක්

:       0       4

fairoos Wednesday, 08 May 2024 11:09 AM

මේ කාලකණ්ණි ආණ්ඩුවෙන් රටට වුණු විනාසයට වඩා නම් මේක ලොකු නැහැනේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 51 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 68 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 585 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 193 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 767 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 879 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site