IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු  නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (19) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුයේ බුවනෙක මහසෙන් බස්නායක නමැත්තෙකි.

තානාපතිවරයාගේ මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් රථ ගාලට ඇතුළු කරන අවස්ථාවේ ඇතිවූ ආරවුලක් මත බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා තානාපතිවරයාට පහර දී ඇති බවත් පහර දීමෙන් අනතුරුව සිය මෝටර් රථයට නැග එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ දරා ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරින් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා පළා යෑම වැළැක්වීම සඳහා තානාපතිවරයා විත්තිකරුගේ මෝටර් රථයේ බොනට්ටුවට අත තබා ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථය පණ ගන්වා මීටර් 15 ක් පමණ ඉදිරියට ධාවනය කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරිහු පැවැසූහ. එහිදී තානාපතිවරයා සැකකරුගේ මෝටර් රථයේ බොනට්ටුව මතට වැටී ඇතැයි එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ලබාගනු ලැබ ඇති බවත් එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා බව විත්තිකරු නොදැන සිටි බවය.එම නිසා විත්තිකරුට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම ප්‍රතිකෙෂේප කළ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සැකකරු හෙට (20) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අජිත් පතිරණ සහ නීතිඥ තරිඳු වික්‍රමනායක මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

 



අදහස් (10)

ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

SAMAN Sunday, 19 May 2024 07:38 PM

පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා උවත් සාමාන්‍ය පුරවැසියකු උවත් කිසිදු අවස්තවකදී වෙනත් කිසිවකුට පහරදීමට නොහැක.

:       1       77

sachithMonday, 20 May 2024 08:21 AM

මේ කියන විදියට පිටිපස්සේ වාහනේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් හිටියා නම් නඩු යන්නේ අපි ගිහින් මේ අහිංසක ව්‍යාපාරිකයාට ගහලා, වාහනේ පැහැරගෙන යන්න බොනට්ටුව උඩට පැන්නා කියලා...

:       0       34

චින්තක Monday, 20 May 2024 03:43 PM

එහෙනම් රැකවලෙක් කියලා තිබුණේ සැකකරු ඔහුගේ පස්සෙන් හිටියේ තානාපති කියලා නොදන්නා නිසා එහෙම වුනා එනිසා සමාව දෙන්න කියලා රැකවල්කරුට එහෙම කියන්න පුළුවන් නම්.???????

:       0       0

Frencis Sunday, 19 May 2024 08:08 PM

තානාපති කියන්නේ විදෙස් රටක ඒ රට වෙනුවෙන් සිටින නියෝජිතයා තමයි. ඔහුට පහර දෙනවා කියන්නේ එරටට පහර දෙනවා වගේ බරපතල වරදක් වෙනවා. පිටුපසින් පැමිණි වාහනය තානාපතිගේ කියලා නොදන්නා බව පිළිගන්න පුළුවන් දෙයක් නොවෙයි.. තානාපති වාහන සඳහා අංක තහඩුව අනුව තේරුම් ගන්න පුළුවන්. දැන් සැකකරු බේරාගන්න හදන පිරිස් යම්විදියකින් තානාපති මියගියා නම් ගන්න පියවර මොකක්ද? ඒක කොහොම වුණත් එවැනි දෙයක් වෙලා ප්‍රතිඵලය අහිතකර වුණොත් රටට වෙන්න පුළුවන් හානිය කොහොම වේවිද කියලා හිතනවා නම් කාටකාටත් හොඳයි..

:       0       11

Prabha Sunday, 19 May 2024 08:52 PM

කටුනායකදී පහර දුන්නේ කම්කරුවෙකුට හින්දා ගහපු කෙනා නිදහසේ ඉන්නේ...! 

:       1       12

Ruwan Sunday, 19 May 2024 10:07 PM

මේ අර බුවනෙක හෝටලේ අයිතිකාරයගෙ පුතානේ..හෙහ් හෙහ් හෙහ්..

:       1       46

අරවින්ද මොනරවිල Monday, 20 May 2024 09:40 AM

මේ එයාමද ? එහෙම නම් මුන්ගේ අමාරුව තාම ඇරිලා නැහැ.

:       0       13

Prabha Monday, 20 May 2024 03:08 AM

ඔය නීතිය එයාපෝට් එකේ බඩු අදින මිනිහට අදාළ නැද්ද

:       1       18

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:22 AM

මිනීමැරුම් චෝදනා කරල වසර දෙකතුනකට ඇතුළට දාන්න. මොකද බොනට් එකට අත තියාගෙන ඉන්න පුද්ගලයෙක් යටකරගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. අනිත්ස ල්ලිකාර මොලේ නැති හරක්ට පාඩමකට ගන්න. හැබැයි සල්ලි දැකල ඊර්ෂ්‍යා කරන කුහක ජෙප්පො කියන්න එපා,

:       1       13

fairoos Monday, 20 May 2024 12:50 PM

ඉතාම හොඳයි... වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10957 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 59 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site