IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගණන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා පවසයි.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය තවදුරටත් පාවිච්චි කළ නොහැකි බැවින් එය සිය දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බවත් ඒ අනුව මීට දින දෙකකට පමණ පෙර එම විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත බාර දුන් බවත් ඉලූක්පිටිය මහතා කීය.

ඩයනා ගමගේ මහත්මියට මේ වන විට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බැවින් ඇයට ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නොමැති බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මස 8 වැනිදා තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

 



අදහස් (7)

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී

රත්නායක Monday, 20 May 2024 04:49 AM

ඊයේ සති අග අරුණ පුවත්පතට අනුව වැරදි විදිහට මේ විදේශ ගමන් බලපත්‍රය දී ඇත්තේද හර්ෂ ඉලුක්පිටිය කියන නිලධාරියාමයි.

:       0       10

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:17 AM

අර හංගගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක එළියට ගන්න, ඒකෙන් තමන්ගේ රටට යන්න හැබැයි රටට කරපු වංචාවට සහ අලාභයට සුදුසු වන්දි සහ සිරදඬුවම් විඳලා. පොඩි ලියවිල්ලක් ව්‍යාජ බව ඔප්පු වුණොත් බුරාගෙන පනින බලධාරීන් මේ වෙලාවේ නැට්ට පස්ස පැත්තෙ ගහගෙන, ඉලුක්පිටිය ලියුම් යවල ඒක ගෙන්නව ගන්න තරමට නිවට වෙලා.

:       0       12

Nimal Monday, 20 May 2024 11:35 AM

දැන්ද මේ කරුණූ වැටෙහෙන්නේ?

:       0       0

visnu Monday, 20 May 2024 12:10 PM

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය/නිල ගමන් බලපත්‍රය ගැන කුමක් කිව හැකිද? ඉලුක්පිටිය මහත්තයා ඒ ලියවිල්ලත් එකතු කරනවා.

:       0       1

fairoos Monday, 20 May 2024 01:11 PM

හොඳ වැඩේ...!

:       0       0

ඉන්දික Monday, 20 May 2024 01:31 PM

දොයි දොයි දොයි දොයිය බබා... ඉලුක්පිටිය දොයිය බබා, නාඩා නිදියන්න පුතා.... ඉලුක්පිටිය තොත්ත බබා...

:       0       0

Kazi Shajahan Monday, 20 May 2024 04:29 PM

ඩයනා ගේ හිස බූ ගා රටෙන් පලවා හැරිය යුතුයි ,ආයේ SL පැත්ත පළාතේ එන්න දෙන්නේ නැතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site