IMG-LOGO

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම්  රවිරාජ් සහ  ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීහු පත් කර සිටිති.



අදහස් (10)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි

යෝගා Friday, 18 October 2024 02:34 PM

ආ... කැලණිය විශ්ව විද්‍යාලයේ තවත් ගජමිතුරෙක්ට ලොකු තනතුරක්. වෙනස නම් මාරයි..!

:       31       53

සෙනෙවිරත්න Friday, 18 October 2024 03:04 PM

යෝගා, එතකොට කැළණි කැම්පස් එකේ අයට රජයේ තනතුරු අහිමිද?

:       21       37

Rama Friday, 18 October 2024 05:32 PM

@ යෝගා සහ සෙනෙවිරත්න. ඇත්තටම සුදුස්සෙක් නම් සුදුසුතැන ලැබිය යුතුයි. හොයන්න ඕනේ සුදුසුද? නැද්ද? කියන එක සහ වැඩියෙන් කැලණිය සරසවියේ අයට නම් අලුත් රජයේ තනතුරු දෙන්නේ, ඒ කුමන පදනමක් මතද යන්නයි. එතැනදී වරදක් පෙනෙනවා නම් ඒ ගැනත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මොකද කියනවා නම් හිරකරුවෝ පමණක් නොවෙයි දේශපාලකයෝද මනුෂ්‍යයෝය...

:       5       19

කැළණි Friday, 18 October 2024 04:45 PM

සෙනවිරත්න හොයලා බලන්න කැළණි කැම්පස් එකේ කී දෙනෙක්ට මේ ආණ්ඩුවෙන් නිළතල දුන්නාද කියලා...!

:       2       18

රැල්ෆ Friday, 18 October 2024 06:35 PM

ගෝඨාගේ මැතිවරණ වේදිකාවේ අඩව් ඇල්ලු සෙට් එක එලවා අනුරගේ සෙට් එක කරලියට... වෙනසට වයස දින 28යි.

:       10       25

sunil Friday, 18 October 2024 08:20 PM

ඉහළ තනතුරකට අවශ්‍ය උගත්කම, කැපවීම, අවංක කම නිවැරැදි තීරණය ගැනීමට ඇති බුද්ධිය සහ ධෛර්යය කියන දේවල් ගැන විශ්වාස වන්තව දැනගත හැක්කේද යම් විධියක සම්බන්ධතා හෝ සමාජය හඳුනා ගත් අය පිලිබඳව පමණි. එය, ඥාති හෝ හිතවත්කම පමණක්ම නොවේ. ඔවුන්ගේ වැඩ ගැන සැලකිලිමත්ව බලමු. ඉන් පසුව විවේචනය කරමු...!

:       3       15

Samar Friday, 18 October 2024 10:24 PM

සුනිල්, එකම සුදුස්කම් තියන අය අතරින් නෑකමට සහ මිතුරුකම් නිසා හරි දුන්නොත් දුන්නාම නේද? පස්සේ එයා හොඳයි කියලා තියාගන්න යන්නේ මුලින් පස්සේ දොරෙන් ඇතුළට අරන් නම් එතැන විනිවිද හෝ අවංකකමක් නෑ. ඒ වගේම එහෙම තනතුරු දෙනකොට නෑ මිතුරුකම් තියෙනවා නම් ඒවා අර වත්කම් ප්‍රකාශයන් වගේ මුලින්ම කියලා ඉන්න ඕනෑ... ඔය ලංකාව තුල ඉඳලා වැඩක් නෑ කියලා බටහිර දියුණු රටවලට ගිය අයගෙන් අහන්න ඒවායේ රාජ්‍ය ආයතනවල නීති රීති මොනවාද කියලා. අපි වෙනසක් ඕනෑ කියලා බලනකොට කරලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දේවල් නේද?

:       2       5

Ranuka Saturday, 19 October 2024 05:25 AM

ඔක්තොම කරන්නේ එකම දේ තමයි බලාගෙන යද්දී. මැතිවැණයෙන් පස්සේ පැහැදිලි වෙයි.

:       0       1

sugath Saturday, 19 October 2024 12:58 PM

කොටින්ම කියනවා නම් මේ තනතුර දේශපාලන තනතුරක්... මෑත ඉතිහාසයේ මොහාන් සිල්වා විතරයි දේශපාලන ගැත්තෙක් නොවන අයෙක් ලෙස මේ පුටුවට ආවේ. උප කුලපති කියන්නෙත් මෙවැනිම දේශපාලන තනතුරක්... ඒ අතින් අපේ රට හරිම කාලකන්නි රටක් මොකද සරසවි සියල්ලම දේශපාලනයෙන් මත්වෙලා තියෙන නිසා... ආචාර්යවරුන්ගෙන් බහුතරක් තමන්ගේ රාජකාරි කාලයෙන් වැඩි කොටසක් වෙන්කරන්නේ නිලධාරියෙක් වෙන්න වටපිටාවක් හදාගන්න මිසක් හොඳ පර්යේෂකයෙක් හෝ ගුරුවරයෙක් වෙන්න නෙවෙයි. සරසවි සිසුන්ගෙන් බහුතරයකුත් සරසවි ජීවිතයේදී කළයුතුම දේට අඩුම වැදගත්කම දීලා දේශපාලන අතකොලු වෙලා කාලකන්නි වෙනවා.

:       2       8

අමල් Saturday, 19 October 2024 02:45 PM

මුහුණෙන්ම පේනවා මාලිමාවට ගිය කඩේ යෑමක තරම ! තවත් ගොට්ටෙක්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 87 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 486 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site