
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.
ඊට අදාල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.
මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීහු පත් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... කැලණිය විශ්ව විද්‍යාලයේ තවත් ගජමිතුරෙක්ට ලොකු තනතුරක්. වෙනස නම් මාරයි..!
යෝගා, එතකොට කැළණි කැම්පස් එකේ අයට රජයේ තනතුරු අහිමිද?
සෙනවිරත්න හොයලා බලන්න කැළණි කැම්පස් එකේ කී දෙනෙක්ට මේ ආණ්ඩුවෙන් නිළතල දුන්නාද කියලා...!
ගෝඨාගේ මැතිවරණ වේදිකාවේ අඩව් ඇල්ලු සෙට් එක එලවා අනුරගේ සෙට් එක කරලියට... වෙනසට වයස දින 28යි.
ඉහළ තනතුරකට අවශ්‍ය උගත්කම, කැපවීම, අවංක කම නිවැරැදි තීරණය ගැනීමට ඇති බුද්ධිය සහ ධෛර්යය කියන දේවල් ගැන විශ්වාස වන්තව දැනගත හැක්කේද යම් විධියක සම්බන්ධතා හෝ සමාජය හඳුනා ගත් අය පිලිබඳව පමණි. එය, ඥාති හෝ හිතවත්කම පමණක්ම නොවේ. ඔවුන්ගේ වැඩ ගැන සැලකිලිමත්ව බලමු. ඉන් පසුව විවේචනය කරමු...!
ඔක්තොම කරන්නේ එකම දේ තමයි බලාගෙන යද්දී. මැතිවැණයෙන් පස්සේ පැහැදිලි වෙයි.
කොටින්ම කියනවා නම් මේ තනතුර දේශපාලන තනතුරක්... මෑත ඉතිහාසයේ මොහාන් සිල්වා විතරයි දේශපාලන ගැත්තෙක් නොවන අයෙක් ලෙස මේ පුටුවට ආවේ. උප කුලපති කියන්නෙත් මෙවැනිම දේශපාලන තනතුරක්... ඒ අතින් අපේ රට හරිම කාලකන්නි රටක් මොකද සරසවි සියල්ලම දේශපාලනයෙන් මත්වෙලා තියෙන නිසා... ආචාර්යවරුන්ගෙන් බහුතරක් තමන්ගේ රාජකාරි කාලයෙන් වැඩි කොටසක් වෙන්කරන්නේ නිලධාරියෙක් වෙන්න වටපිටාවක් හදාගන්න මිසක් හොඳ පර්යේෂකයෙක් හෝ ගුරුවරයෙක් වෙන්න නෙවෙයි. සරසවි සිසුන්ගෙන් බහුතරයකුත් සරසවි ජීවිතයේදී කළයුතුම දේට අඩුම වැදගත්කම දීලා දේශපාලන අතකොලු වෙලා කාලකන්නි වෙනවා.
මුහුණෙන්ම පේනවා මාලිමාවට ගිය කඩේ යෑමක තරම ! තවත් ගොට්ටෙක්...!