(විමුක්ති එස් රුද්‍රිගු)

අභියාචානාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට බලාපොරොත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් සිතා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය පසුගියදා ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද බවද එම සංගමය පැවැසුවේය.

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස වෙනස් කිරීමේ යෝජනාව රජය හඳුන්වා දුන් ආකාරය සහ එලෙස විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ හේතුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයේ දැඩි අවධානය යොමුවූ බවද එම සංගමය සඳහන් කළේය.

අභියාචානාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට බලාපොරොත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මතුකර ඇති විරෝධතා සමග ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයද එකඟ වන බව එම සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.