
(යොහාන් භාසුර)
ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතන මෙරට ඉදිකිරීමේ කටයුතු සඳහා විදේශ ශ්‍රමිකයන් 7,500 ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාව බංග්ලාදේශය සහ නේපාලය යන රටවල්වල ශ්‍රමිකයන් දැනටමත් මෙරට සේවය කරන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් එල්. බී. කුමුදුලාල් මහතා පැවසීය.
එල්. බී. කුමුදුලාල් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතන විදේශවලින් ශ්‍රමිකයන් ගෙන්වීමට දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් විදේශ ශ්රමිකයන්ටෙ වඩා ඵලදායි පැත්තෙන් වැඩි දේශීය ශ්‍රමිකයන් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් සැළසුම්කර ඇති බවත් ඒ මහතා කීය.
ඉදිකිරීම් කර්මාන්ත සඳහා ශ්‍රමිකයන් 10,000 ක පමණ අවශ්‍යතාවක් ඇති බව කී කුමුදුලාල් මහතා එම ශ්‍රම බලකාය පැහැදිළිවම මෙරට තුළ සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ ඛේදවාචකයක්. අපේ අයගේම උද්දච්ඡකමත් මේකට බලපානවා. නිකරුනේ අපේ සල්ලි පිටරට යනවා.
ලංකාවේ තක්කඩි මුදලාලිලා පැලැන්තිය, මුදල් තණ්හාවෙන් අධික ලාබ ලබන්න ඉන්දියාව බංග්ලාදේශය වගේ රටවලින් අඩු වැටුපට කම්කරුවන් ගෙන්වන්න හදන්නේ ! ඒකට මේ වැඩ බැරි ගොබ්බ ආණ්ඩුව මුක්කු ගහනවා ! දුෂිත නිළධාරීන්ටත් මේකෙන් කොමිස් කුට්ටි ගන්න පුළුවන් ඒ නිසා උනුත් ඒවට උඩගෙඩි දෙනවා. මේක ලංකාවේ සමාජ හා සංස්කෘතික ප්‍රශ්න රාශියකට මුල පුරනවා නොඅනුමානයි. රට අනුරට අපි වලපල්ලට !