(බී.එච්.රම්‍යා)

ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන තරුණයකු වන අතර, සරසවි සිසුවකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ විදේශික කාන්තාව මෙම කුලී රථය මගින් ගමන් කරමින් සිටියදී මෙම අපරාධයට මුහුණ දී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර මහතා ඇතුළු, පොලිස් සැරයන් (59433) ජයන්ත, කාන්තා පොලිස් සැරයන් (2890) ලක්මාලි සහ පොලිස් සැරයන් (18372) ප්‍රේමරත්න යන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර රියැදුරුව සහ රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.