
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව විදුලිබල විෂය බාර අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති විධි විධාන වලට අනුකූලව මූලික පැවරීමේ සැලැස්ම සකස් කරනු ලැබ තිබේ. විදුලි බලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම සහ සැපයීම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු පැවරීමට අදාළ සියලු තොරතුරු සහ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අනුප්‍රාප්තික සමාගම් වලට අවශ්‍ය වන වත්කම් සහ බැරකම් පැවරීම සඳහා වන මූල්‍ය සැලැස්ම එම මූලික පැවරීමේ සැලැස්ම තුළ අන්තර්ගත වී ඇත.
ඒ අනුව, සකස් කරනු ලැබ ඇති මූලික පැවරීමේ සැලැස්ම සඳහාත්, එම මූලික පැවරීමේ සැලැස්මට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම්, බැරකම්, කාර්යය, කර්තව්‍ය සහ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුප්‍රාප්තික සමාගම් වෙත පැවරීම සඳහාත් බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd