(රංජිත් රාජපක්ෂ)

නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්‍යාපන  කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට  නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා මහතා පැවසිය.

සෙසු පාසල් ද පවතින කාලගුණයත් සමග විවෘත කරනවාද නැද්ද යන්න් පිලිබද තීරණයක් ගෙන ඒ පිලිබද තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බව ද නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා කියා සිටියේය

මේ අතර, හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමටත් (25) දිනයේ පවතින කාලගුණ තත්වයත් සමග පාසල් විවෘත කරනවාද නැද්ද යන්න පිලිබද තීරණය ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පැවරූ බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වසන්ත කවිරාජ් මහතා පැවසීය.

එසේ පාසල් වසා දමන්නේ නම් තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවද වසන්ත කවිරාජ මහතා වැඩි දුරටත් පැවසීය.