(නිමල් ජයරත්න  )

වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාවට  අද(29 ) අලුයම කඩා වැදුණු වන අලි කිහිප දෙනෙකු එම ගබඩාවේ දොරටුව කඩා වී මළු  කීපයක් කා විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.  
 
මෙම ගබඩා සංකීර්ණය වටා විදුලි වැටක් සවිකර තිබුණද එම විදුලි වැට කඩා ගෙනවිත් මෙම වන අලි කීපදෙනා ගබඩා සංකීර්ණයේ දොරටුව කඩා වී මළු  විනාශ කර ඇති බව ගබඩා කළමණාකාරවරයා අප කළ විමසීමකදී සඳහන් කළේය.
 
වී ගබඩාව අලි කඩන අවස්ථාවේදී සිවිල් ආරක්ෂකයින් ආරක්ෂාවට යොදා තිබූ අතර ඔවුන් අලි වෙඩි දමමින් අලි පලවා හැරීමට කටයුතු කර ඇත. ගබඩා සංකීර්ණය වටා සවිකර තිබෙන විදුලි වැටට ගස් වල අතු සහ කොට විදුලි වැටට දමා හානිකර අලි වී ගබඩා සංකීර්ණයට ඇතුළත් වී ඇත.