
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් හා මෝටර් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරියක හැපී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි මාතර පොලීසිය පවසයි.
අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන මාතර වැවහමන්දුව පදිංචිව සිටි දිනේෂ් උදයංග (37) සහ මාතර හිත්තැටියේ එස්.එම්.වී.සුභාෂ් (36)නැමැති දෙදෙනෙකි.
ඔවුන්සමග ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් හතර දෙනෙකු සිමෙන්ති පැටවු රථයේ රියදුරු හා සහායක තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
එම රථය හා මෝටර් රථය මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය කර ඇති අතර සිමෙන්ති පැටවු ලොරි රථය තංගල්ල දෙසට සිට මාතර දෙසට ධාවනය කර ඇති බව පොලීසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිෆෙන්ඩරේ ආව අය ඔය තරමින් හරි බේරුණේ කඩවර දෙයියන්ගේ පිහිටෙන්.
අධික වේගයෙන් ගිහින් පාලනයෙන් ගිලිහුණ නිසා වූ අනතුරක් හැටියටයි මට නම් පේන්නේ. මාර්ග විනය සහ ඉවසීමක් නැතිකමයි සියල්ලටම මුල. අපරාදේ තරුණ ජීවිත දෙකක්.
අද ඉදලාවත් යන අය ඉවසන්න..ඉවසන්න බැරිම උනොත් ආයෙමත් ඉවසන්න.කවදාවත් පරාද නෑ ඔයා ..ඒකත් මතක තියාගන්න.අද වැඩි පිරිසක් තමන්ගේ ජීවිතයටවත් ආදරේ නෑ.
ඩෙංගු රෝගය තුරන් කරන්න අපි කොච්චර මහන්සි වෙනවද. ඩෙංගු රෝගයෙන් අවුරුද්දකට ඇතිවන මරණ සංක්යාව 100 විතර. නමුත් වාහන අනතුරුවලින් අවුරුද්දකට 3500ක් 4000ක් මැරෙනවා. බොහොමයක්ම බීමත්වා රිය පැදවීම. රජයට ආදායමක් එනවා කියලා මේක බලන් හිටියොත් රට විනාසයි.